ඩොලර් නැතුව බොරතෙල් නැව දින 06ක් මුහුදේ

299

බොරතෙල් නැව මෙරටට පැමිණ දින 06ක් ගත වුවත් ගොඩබෑමට ඊයේද (17 දා) නොහැකිවී තිබුණි.

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් රැගත් නැව පසුගිය සිකුරාදා (12 දා) මෙරටට පැමිණ තිබූ අතර නැවට මුදල් ගෙවීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඉන්ධන ගොඩ බෑමට නොහැකිවී ඇතැයි ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

මුදල් ගෙවන ආයතනවලින් යම් යම් ප්‍රමාදයන් නිසා මෙවැනි තත්ත්වයන් නිතර හටගන්නා බවත්, ඉන්ධන ගොඩබෑම ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමටත්, චෝදනාවන්ට තෙල් සංස්ථාව ලක්වීමට සිදුවන බවත් ඔහු කීය. මේ වන විට ූඍ ක්‍රමයට ඉන්ධන බෙදාහැරීම සඳහා දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් පමණ සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 3000ක් පමණ බෙදාහැරීම් සිදුකරන බවද ඔහු කීය. මීට අමතරව ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රිකුණාමලයේ සිට ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් පමණ හා පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 300ක් පමණ බෙදාහැරීම් සිදුකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment