ඩොලර් නෑ නෑ නොකියා ජ’පුර වගේ අනෙක් විශ්වවිද්‍යාලත් සංචාරකයෝ ගෙන්ව ගන්න මේ වගේ වැඩ කරනවා නම් හොඳයි

1050

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය යටතේ ක්‍රියාත්මක බෞද්ධ උරුමය හා සංචාරක කර්මාන්තය උපාධි වැඩසටහනේ උපාධි අපේක්‍ෂකයින් සහ ජ’පුර ටුවරිසම් විසින් සිංහාභිමානී 2022 නමින් සංස්කෘතික සංදර්ශනයක් ඉකුත් 09 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කමත කලා කේන්ද්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම සංස්කෘතික සංදර්ශනය පැවැත්විණි.

මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වූයේ ජාත්‍යන්තර සංචාරකයින්, සංචාරක කර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහ උපාධි අපේක්‍ෂකයන්ය.

ඩොලර් නෑ නෑ නොකියා ජ’පුර වගේ අනෙක් විශ්වවිද්‍යාලත් සංචාරකයෝ ගෙන්ව ගන්න මේ වගේ වැඩ කරනවා නම් හොඳයි

මෙහිදී හෙළ සංස්කෘතික නර්තන අංග රැසකින් මෙම සංදර්ශනය හැඩවැඩ වී තිබිණි. පූජා නැටුම්, නාගරාක්ෂ නැටුම්, රබන් නර්තන, පන්දම් පාලිය, පන්තේරු නැටුම්,

වඩිගපටුන නැටුම්, දෙවොල් පත්තිනි නැටුම්, මයුර නැටුම් ඇතුළු නැටුම්

අංග වලින්ද, අංගම්පොර සටන් කලා නිර්මාණ ඇතුළු හෙළ සංස්කෘතික අංගවලින් මෙම සංදර්ශනය අලංකාරවත් විය.

මෙහිදී කතා කළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ඩී. ගජබාහු මහතා මෙසේ පැවැසීය.

“මං සභාපතිකම භාරගන්නකොට අතට ගත්තේ ගිනි බෝලයක්. රටේ පැවැති වාතාවරණයත් එක්ක ලංකාවේ විදේශිකයෝ රට හැරදාලා යන කාලයක තමයි මං මේක භාරගත්තේ. එවෙලේ ලංකාවේ බ්ලැක් මාර්කට් එකක් තිබුණේ. ලංකාවේ බ්ලැක් මාර්කට් එක අයින් කරන්නයි මගේ මේ උත්සාහය. ලංකාවට විදේශිකයින් අද්දවලා ගන්න ජ’පුර විශ්වවිද්‍යාලයේ මල්ලිලා නංගිලා මේ ගත්තු උත්සාහය මං ඉතා අගේ කරනවා. ලංකාවේ තියෙන අනෙකුත් විශ්වවිද්‍යාලවල ඉන්න නංගිලා මල්ලිලා විදේශිකයන්

ගෙන්වන්න මේ වගේ ව්‍යාපෘතීන් කරනවා නම් ඉතා වැදගත්. ලංකාවේ ඩොලර් නෑ කිය කියා නිකන් අඬනවාට වැඩිය මෙවැනි ව්‍යාපෘති කරමින් විදේශිකයන් මේ රටට ගෙන්වා ගැනීම ඉතා වැදගත්.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින්ද සිය නර්තන හැකියාවන් ඉදිරිපත් කරමින් පිරිස සතුටු කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙය පැවැත්විණි. මෙම සංස්කෘතික සංදර්ශනය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment