ඩොලර් බිලියන 15.1 ක අපනයන ආදායමක්

155

ගිය වසරේ (2021) දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක ආදායමක් උපයාගෙන ඇතැයි ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

මෙය 2020 වසරේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34 ට සාපේක්‍ෂව සියයට 23 ක වර්ධනයකි.

මෙසේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් බවද එම මණ්ඩලය කියයි.

2021 වසරේ මාස 8 කදී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment