ඩොලර් මවන ඉස්සෝ කර්මාන්තය නංවන්න රජයෙන් සහන දෙන්න

490

ලෝක ආර්ථික අර්බුදයත් සමග ශ‍්‍රී ලංකාව ද අර්බුද රැසකට මුහුණ දී සිටින්නේ අපනයන ආදායමේ බිඳවැටීමක් ද සනිටුහන් වීම තුළිනි.

ප‍්‍රධාන අපනයන බෝග මතම රැඳී සිටිමින් වෙනත් අපනයන පිළිබඳව අවධානය යොමු නොකිරීම ද මෙම තත්ත්වයට බලපෑ තවත් සාධකයකි.

ලොව පුරා දැවැන්ත ඉල්ලූමක් පවතින ශ‍්‍රී ලාංකීය ඉස්සන් අපනයනය යළි පණ ගන්වන්නේ නම් රටේ ආර්ථිකය නගා සිටුවීම එතරම් අපහසු නොවන බව ඉස්සන් අපනයන කර්මාන්තකරුවෝ පවසති.

ඒ සඳහා රජය සෘජු මැදිහත්වීමක් හෝ ඊට අවශ්‍ය පසුබිම සහ පහසුකම් සලසා දෙන්නේ නම් රටට ඩොලර් ගෙන ඒමේ අභියෝගය බාරගන්නට තමන් සූදානම් බවද එම අපනයනකරුවෝ අවධාරණය කරති.

එතැන් පටන් කලපු ආශ‍්‍රිතව කඩොලාන ශාක පරිසරය විනාශ කරමින් අසීමිත ලෙස කර්මාන්තකරුවන් ඉවක් බවක් නැතිව මෙම කර්මාන්තය පවත්වාගෙන යෑමට කටයුතු කළේ ඉන් උපයාගන්නා මුදල පමණක් ගැන සිතාය. අඩු තාක්ෂණික දැනුම, කුඩා පරිමාණ තටාක භාවිතය, ගහන ඝනත්වය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් රෝගාබාධ සඳහා වැඩි නැඹුරුවක් පැවතුණි. මෙහි ප‍්‍රතිඵලක් ලෙස සුදු පුල්ලි වෛරස් රෝගය ක‍්‍රමයෙන් ව්‍යාප්ත විය.

එම අවස්ථාවේ ඉස්සන් වගාව මුළුමනින්ම විනාශ වීමේ තත්ත්වයට පත් විය. ඉස්සන් වගාව සඳහා යොමු වූ වගාකරුවන්ට සිය බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඔවුන් අන්ත අසරණ විය. බොහෝ වගාකරුවන්ට යන එන මං නොමැති විය.

අනතුරුව 2005 වර්ෂයේ අවසන් භාගයේ පැවති රජය මඟින් ඉස්සන් වගාව යළි නගාසිටුවීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නමින් වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කළේය. එතැන් පටන් ක‍්‍රමයෙන් වගාවට අවශ්‍ය තාක්ෂණ දැනුම, නිසි කළමනාකරණය, ඉස්සන් අපනයනය මෙන්ම දේශීය වෙළෙඳපොළ සඳහා යොමු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම, ඉස්සන් වගාකරුවන්ට කන්න ක‍්‍රමය හඳුන්වා දීම, සුදු පුල්ලි රෝගය ඇතුළු රෝග පාලනය කිරීමට අවශ්‍ය ක‍්‍රමවේද භාවිතය වැනි දෑ මගින් වගාවේ උන්නතියට ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් ක‍්‍රියාත්මක කළේය. මේ අතර 2004 වර්ෂයේ ඉස්සන් කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් ඉස්සන් වගාව විශාල වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන අවස්ථාවේ ශ‍්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය පිහිටුවාගෙන කර්මාන්තය රැකගැනීමට විශාල අත්වැලක් විය. ඉන් අනතුරුව ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය ක‍්‍රම ක‍්‍රමයෙන් නිසි ක‍්‍රමවේදයකට කර්මාන්තයේ දියුණුවට මග පෑදීමට කටයුතු කළේය. මුල් අවස්ථාවේ ඉස්සන් අපනයනය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 1500 ක වැනි ප‍්‍රමාණයක් අපනයනය කළ අතර වර්තමානයේ මෙම ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 10,000 ඉලක්කයක් කරා ළඟාවීමට හැකිවී තිබීම තුළින් කර්මාන්තයේ ප‍්‍රගතිය පැහැදිලි වේ. මේ නිසාවෙන්ම කර්මාන්තයේ නියැලෙන ඉස්සන් වගාකරුවන්, අභිජනනකරුවන්, ආහාර ආනයනකරුවන්, ඉස්සන් ආනයනකරුවන් හා අපනයනකරුවන් මෙන්ම සෘජු හා වක‍්‍ර රැකියාවේ නියැලෙන විශාල පිරිසකට අද දවසේ යහ කලක් උදා වී තිබේ.

එහෙත් අප රටේ ඉස්සන් කර්මාන්තය පවත්වා
ගැනීමට උචිත පරිසරය පද්ධතිය වෙනත් රටවලට වඩා තිබෙන වටපිටාවක් තුළ මෙම වර්ධනයෙන් සෑහීමකට පත්විය නොහැක. ඒ ඉස්සන් කර්මාන්තය තව තවත් දියුණු කිරීමට හැකි මංපෙත් විවර වී ඇති මොහොතක රජයේ සෘජු මැදිහත් වීමක් තවමත් සිදු නොවන බවයි කර්මාන්තයේ නියැලෙන්නන් හඬගා කියන්නේ.

ඩොලර් අර්බුදය විශාල ලෙස දිනෙන් දින ඔඩුදුවන මොහොතක ඉස්සො කර්මාන්තය කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් ඩොලර් අර්බුදයට විසඳුම් සොයනවාද යන්න කතාබහට ලක්විය යුතු කාරණයක්. කර්මාන්තයේ දියුණුවට ප‍්‍රධානම ලෙස බලපා ඇත්තේ මූල්‍ය ගැටලූවයි. ඉස්සන් අපනයනය වේගවත් කිරීමට අපනයනකරුවන්ට මෙම ගැටලූව දැඩි ලෙස බලපා තිබේ. කර්මාන්තයේ නියැලෙන ප‍්‍රධාන අපනයනකරුවන් දස දෙනෙකු පමණ සිටින අවස්ථාවක මෙම ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාර නොදක්වන්නේ ඇයි?

. මේ සම්බන්ධව අදහස් දක්වන ලංකා සී ෆුඞ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක සරත් කිත්සිරි මහතා,

අපේ මේ කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ හලාවත ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ. ඉස්සන් කර්මාන්තය ආරම්භයත් සමග මම ඉස්සන් ආහාර ආනයනය කරන්න පටන් ගත්තා. පස්සේ වනමි ඉස්සන් ලංකාවට හඳුන්වා දීමත් සමඟ මේ ප්‍රොසෙසින් ප්ලාන්ට් එක පටන් ගත්තේ. 2021 අගමැති තුමා අතින් විවෘත වුණේ. අපි අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන තමයි සියලූ නිෂ්පාදන මෙහි සිදු කරන්නෙ. ඇත්තටම ලෝකේ අපේ ඉස්සන්ට විශාල ඉල්ලූමක් තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව තමයි අපේ ඉස්සන් රසයෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් සෙසු රටවලට වඩා උසස්. ඒ හේතුවෙන්ම අපිට ලෝකයේ ඉල්ලූමට තිබෙන සැපයුම් ලබාදීමට නොහැකි තරම් තත්ත්වයක් තමයි මේ දිනවල තියෙන්නෙ.

මොකද එකක් තමයි අපි ඉස්සෝ කෑම වගේ කන්ටේනර්යක් ගේන්න ඩොලර් විසිපන්දාහක් වගේ යද්දි ඒකෙන් නිෂ්පාදන වියදම හැටියට අපි නිෂ්පාදනය කරනවා කිලෝ පහළොස්දාහක්. ඒ පහළොස්දාහ රට යැව්වහම හම්බෙනවා අපිට ඩොලර් එක්ලක්ෂ විසිපන්දාහක් විතර. එතකොට ඩොලර් ලක්ෂයක් විතර රජයට ඉතුරු වෙනවා. කෙටි කාලීන ආයෝජනයක් තමයි මේක. මොකද රජයට ඩොලර් ප‍්‍රශ්නයක් තියෙන නිසා මෙයින් මීට වැඩිය ඇත්තටම රජය ෆාමර්ස්ල දිහා බලලා මීට ආයෝජනය කරලා ඒකෙන් කෙටිකාලීනව මේ ඩොලර් ප‍්‍රශ්නයට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ නිසා ෆාමර්ස්ලව දිරි
ගන්වලා ඊට අවශ්‍ය පහසුකම් හදන්න කියලා අපි රජයට කියනවා.

මේ කර්මාන්තය අපි දැනට කරන්නේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සහ මඩකළපුවෙයි. එතකොට අනිත් ප‍්‍රදේශවලටත් අවධානය යොමු කරල රජය ඉක්මනින් වැඩි කාලයක් ගන්නේ නැතුව කර්මාන්තය පවත්වාගෙන යන්න මේ කෙටිකාලීන සැලසුම්වලට යන්න අවශ්‍යයි. ඇත්තෙන්ම අපිට අවුරුද්දක් තුළ යම් මට්ටමකට මේ ඩොලර් ප‍්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන්. මේ ෑංචදරඑ එකෙන්. මොකද 100% ෑංචදරඑ එක තමයි අපි කරන්නේ. ඉතින් ඒක හින්දා රජයකට මම කියන්නේ මේකට තවත් ඇස් යොමු කරලා තවත් ෆාමර්ස්ලව දිරිගන්වලා මේක කරන්න කියලා. එතකොට අපිට ෑංචදරඑ කරන්න පුළුවන් අතිරික්ත ඉස්සෝ නිෂ්පාදනය වෙනවා නම් දවසකට අපේ ආයතනයේම කන්ටේනර් දෙකක්ම විතර ෑංචදරඑ කරන්න පුළුවන්. අපි ඒ කැපෑසිටි එක හදලා තියෙනවා. එතකොට ඩොලර් ගත්තාම දවසකට ඩොලර් ලක්ෂයක් විතර ගේන්න පුළුවන්. එතකොට මාසකට ගත්තාම ඩොලර් මිලියන තුනක් විතර උපයාගත හැකියි. මොකද මෙහි බාධා තියෙනවා අලූතින් ෆාම් එහෙම හදද්දි ඒකට අවශ්‍ය ලියකියවිලි නව කලාප ඇතුළත් වෙද්දි ලියකියවිලි ඉතා ඉක්මනින් කඩිනමින් කරලා යොමු කරන්න කියලා රජයට කියනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙද්දි ඩොලර් ප‍්‍රශ්නෙට ලොකු අත්වැලක් වෙයි කියලා. ඇත්තෙන්ම මේ අපනයනය කර්මාන්තකරුවන්ට සහන පොලියට ඉතාමත් අඩු පොලියකට ණය ලබා දීමෙන් මේ කර්මාන්තය විශාල ලෙස වර්ධනය කර කරගන්න පුළුවන්. දැන් ලංකාවෙ තේ අපනයනය කරනවට වඩා මං හිතන්නෙ කර්මාන්තයේ අපනයනය ඉතා ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් අපනයන බෝගවලට වඩා ඉතාම කෙටි කාලයකින් මෙහි ප‍්‍රතිඵල නෙළා ගන්න පුළුවන්. ඒක තමා විශේෂත්වය. ඒ නිසා රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕන. කෙටිකාලීන ඩොලර් ප‍්‍රශ්නෙට විසඳුමක් ලබාගන්න නම් අපේ මේ කර්මාන්තයට ඉතා ඉක්මනින් දැඩි අවධානය යොමු විය යුතුයි.

. ආයතනයේ පරිපාලන කළමනාකරු රොහාන් වර්ණකුලසූරිය –

මම මේ ආයතනයෙ වැඩ කරන්නේ වසර ගණනාවක් තිස්සේ. ඇත්තෙන්ම දිනෙන් දින ප‍්‍රගතියක් දකිනවා. විශේෂයෙන් කියන්න ඕන මේ කර්මාන්තය නිසා රටේ අපනයන ආර්ථිකයට විශාල දායකත්වයක් දෙනවා වගේම ප‍්‍රදේශයේ රැකීරක්ෂා ප‍්‍රශ්නයට යම් විසඳුමක් ලබා දෙනවා. මොකද අපි සුළු ප‍්‍රමාණයක සේවක පිරිසකගෙන් තමයි මෙම කර්මාන්තය ආරම්භ කළේ. දැන් සේවකයන් දෙසීයකට ආසන්න පිරිසක් ඉන්නවා. මේ සියලූම දෙනා මේ අවට ගම්වල. මං හිතන්නේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා කර්මාන්තයට රජයේ දැඩි අවධානය යොමුකර මීට දිරිගැන්වීම් කළොත් හොදයි.

  • අමරනන්ද විජේසේකර – මහවැව
advertistmentadvertistment
advertistmentadvertistment