ඩොලර් මිලියන 1950ක් වටිනා රජයේ ඉඩම් පෞද්ගලික හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කරනවා

85

– නාගරික හා නිවාස සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් පමණ වටිනා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැඟිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනට හඳුනාගෙන ඇති ඩොලර් මිලියන 1950 ක් පමණ වටිනා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැඟිලි සංවර්ධනය කිරීමෙන් සෘජු හා වක්‍ර

රැකියා 12,000 ත් 15,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කරගත හැකි බවද ඇමැතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ වනවිටත් මෙම ව්‍යාපෘති යටතේ කොළඹ, කුරුණෑගල හා මහනුවර නගරවල මධ්‍යම පාන්තික නිවාස ඒකක 2700 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇති ඉඩම් අක්කර 908 ක සුළු හා මධ්‍ය පරිමාණ බහාලුම් මධ්‍යස්ථාන හා කාර්මික ජනපද ඉදිකිරීමටද සැලසුම් කර තිබේ. ඊටත් අමතරව කොළඹ, මහනුවර, කුරුණෑගල නගරවල බහුමහල් මහජන රථගාල් 07 ක් ඉදිකිරීමටද නියමිතය.

රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස

ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් මගින් මිලදී ගැනීම සඳහා ඉඩකඩ සලසා ඇති අතර එලෙස ඩොලර් මගින් නිවාස මිලදී ගන්නා අයට සියයට දහයක වට්ටමක් ලබාදීමට අධිකාරිය පියවර ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment