ඩොලර් මිලියන 4ක ෆයිසර් එන්නත් විනාශ මුඛයට යැව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

140

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ඖෂධ තොග පිළිබඳව නිසි තක්සේරුවක් නොකර ඩොලර් මිලියන හතරකට වැඩි වටිනාකමින් යුත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් මෙරටට ගෙන්වා ඒවා විනාශයට පත් කිරීමේ වැරදි තීන්දුවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කර සිටී.

2022 ජූලි මස දෙවැනි සතියේදී මිලියන 14ක එන්නත් තොගයක ආයු කාලය අවසන් වන බවත් එතරම් එන්නත් තොගයක් එකවර ආනයනය කිරීම පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොකරමින් කල් ඉකුත්වීමේ දිනය වෙනස් කර, හොරු රැකීමේ සම්ප්‍රදායට සෞඛ්‍ය අමාත්‍යාංශය සාමූහිකව එළැඹ තිබෙන බවටත් එම සංගමය චෝදනා කර සිටී.

එසේම වර්තමානයේ පවතින එන්නත් තොග තත්ත්වයන් ආවරණයට අවශ්‍ය කොතරම් ප්‍රමාණයක් දැයි සොයා බැලීමත් ප්‍රසම්පාදන කමිටුවේ වගකීම වන බවත් එම කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛi ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු එම කමිටුව එයට බැඳී ඇති බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment