ඩොලර් මිලියන 500 එකපාර ගෙවා ජනතාව බඩගින්නේ තියන්න එපා – කරු ජයසූරිය

162

පොලී ගෙවා මූලික ණය ගෙවීමට සාකච්ඡා අරඹන්න:

යෝජිත ව්‍යවස්ථා මූලධර්ම පෙබරවාරි 4 දාට පෙර දෙන්න

රට ණය වෙන හැටි ලැජ්ජයි

රට ඉදිරියට ගෙන යන්න නම් ඩයස්පෝරාව සමග අනවශ්‍ය ගැටලූ එපා

දේශපාලනයේ දී රාජ්‍ය නායකයකුගේ වචන, පොරොන්දු ගලේ කෙටූ අකුරක් මෙන් ස්ථිර විය යුතු බව පුරවැසියන් බලාපොරොත්තු වීම ලෝක ස්වභාවය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසූවේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

මැතිවරණයෙන් අවුරුදු දෙකක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ජනතාවට ලබා දීමටත්, උත්තරීතර මහා සභා සංඝ උපදේශක මණ්ඩලය අභිමුඛව ද්විත්ව පුරවැසියන්ට සීමා බන්ධන ගෙන එන බවටත් ජනාධිපතිතුමා නොවළහා පොරොන්දු වූ ආකාරය අපගේ සිහියට නැගේ.

20 වැනි සංශෝධනය නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින්ම විනාශ වී ඇති හෙයින් අන්තර්ජාතික ගෞරවය දිනා ගැනීම හා ලෝක ආයෝජන ප‍්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත්. ගෞරවනීය හා ස්වාධීන ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මුළු රටම මේ වන විට වටහාගෙන සිටිනවා.

එම නිසා පෙබරවාරි 4 වැනිදා නිදහස් දින හෝ ඊට පෙර රජයේ යෝජිත ව්‍යවස්ථා මූලධර්ම ගැන ජනතාව අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි. එය රජයේ යුතුකමක්.

යෝජිත නිර්දේශ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු කමිටුව විසින් දැනටමත් ජනාධිපතිතුමන් වෙත භාර දී ඇති බවට වාර්තා වී ඇත. රටකට බලපාන ව්‍යවස්ථාව එම රටේ පාර්ලිමේන්තුව හා ජනතාව මගින් සකස් විය යුතු අතර, රජයේ පාර්ශ්වයෙන් කෙරෙන ව්‍යවස්ථා කෙරෙහි ජනතාවගේ කිසිම විශ්වාසයක් නොමැති බව සඳහන් කරන්නේ දැඩි කනගාටුවෙනි. ඒ ජනතාව දුන් වරම ¥ෂිත කිරීමකි.

අප බලාපොරොත්තු නොවූ ආකාරයට ඉදිරිපත් කළ තනි පුද්ගලයකු වටා අසීමිත බලය පැවරෙන 20 වැනි ව්‍යවස්ථාව වෙනුවට, පාර්ලිමේන්තුව තුළින් ජනතා ආධිපත්‍යය රැුක ගන්නට ව්‍යවස්ථාවක් බිහිවිය යුතුයි. මෙම ජනතා ඉල්ලීම පිටු දකින්න රජයට ඉඩ ලැබෙන්නේ නැහැ.

එමෙන්ම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව අතර සහෝදරත්වය අන්‍යොන්‍ය විශ්වාසය හා ගෞරවය රැුකෙන පරිසරයක් ඇති වන තුරු ජාතික ආගමික සහජීවනයක් මෙරට ඇති නොවනු ඇත.

රට ඉදිරියට ගෙන යෑමට නම්, ඩයස්පෝරාව සමග අනවශ්‍ය ගැටලූ ඇති නොවීමටත්, එම ප‍්‍රශ්න ඊළඟ පරපුරට නොපැවරීමටත්, අප අතර දැඩි අන්‍යොන්‍ය විශ්වාසයක් ඇතිවිය යුතුයි.

අප හමුවන උගත්, බුද්ධිමත් ඩයස්පෝරා සාමාජිකවරුන්ගේ එකම ප‍්‍රාර්ථනය අප සියලූම ජාතීන් සමගි සම්පන්නව ජාති, ආගම් භේදයෙන් තොරව එක් දේශයක ජීවත් වීමයි. මේ රටේ අලූත් ගමනක ආරම්භය විය හැකියි.

අපේ දේශපාලන නායකයන් මේ පණිවිඩය නිසි අයුරින් තේරුම් ගන්නේ නම් අපට නැවතත් ඉන්දියානු සාගරයේ මුතු ඇටය විය හැකියි.

මිනිස් ජීවිතයේ ප‍්‍රධාන පරමාර්ථය වනුයේ මූලික පහසුකම් ඇතිව සැපවත් ජීවිත ගත කිරීමයි. අද එය සිහිනයකි. කරුණු එකින් එක ගෙන වාද කර

ගන්නවා වෙනුවට අපට කිව හැක්කේ එදිනෙදා ජන ජීවිතය ගත කිරීම අද මහා දුක්බර සටනක් බවයි. තුන්වේල අහිමි පවුල් කොතෙක් ඇත්ද? රටට සිදු වූයේ කුමක්ද? අපි සැලැස්මක් නොමැතිව දර්ශනයක් නොමැතිව විනයක් නොමැතිව මහදවල් රාජ්‍ය සම්පත් කොල්ලකෑමට කොටසක් බිහිවූ පරිසරයකට රට ගෙනයෑමයි.

අද අපට අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි සීනි, සිමෙන්ති, ගෑස්, ඖෂධ ආදිය ගෙන ඒමට අවශ්‍ය විදේශ මුදල් නැත. අපි රටවලින් මුදල් ණයට ලබා ලබා

ගන්නා ආකාරය ගැන ලැජ්ජා විය යුතුයි. ඩොලර් මිලියන 500ක් විදේශ ණය සංචිතය ගෙවීම ගැන රජයේ ඉහළ මට්ටමේ හෝ කැබිනට් මණ්ඩලයේ ස්ථිර තීරණයක් තවමත් ගෙන නැත. පසුගිය දින කිහිපයේදී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බුද්ධිමතුන් ඉතා වටිනා වැදගත් අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති, අගමැති, මහ බැංකු අධිපති වහා තීරණයක් ගත යුතුයි. තීරණ ගැනීමට ප‍්‍රමාද වෙන සෑම මොහොතකම නොමරා මැරෙන්නේ අපේ අසරණ ජනතාවයි.

රටට ආදරය කරන දේශපාලනයෙන් බැහැරව සිවිල් සමාජයේ ක‍්‍රියාකාරී ආයතනයක් වශයෙන් ලෝකයේ විවිධ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකික විද්වතුන්ගේ ද අදහස් සලකා බලා රටට වඩා යෝග්‍ය පියවර ලෙස අපි දකින්නේ ණයකරුවන්ගේ ද පූර්ණ එකඟත්වය ඇතිව ගෙවිය යුතු පොලී ප‍්‍රමාණය පමණක් ගෙවා මූලික ණය පියවීමට සාකච්ඡුා ආරම්භ කිරීමයි.

එවැනි පියවර ගතහොත් මුළු ණය මුදලම ඩොලර් මිලියන 500 ම එකවර ගෙවා ජනතාව බඩගින්නේ තබනවා වෙනුවට ණය මුදල් කොටසක් යොදා රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සීනි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, යන්ත‍්‍රසූත‍්‍ර, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා ජන ජීවිතය රැුක ගත හැකියි.

ලෝකයේ මෙවැනි පියවර ගැනීම අස්වාභාවික නොවන බව බලධාරීන් වටහා ගනු ඇතැයි අපි පිරිසිදු චේතනාවෙන් විශ්වාස කරනවා. මේ දිනවල රටට හිතකර අදහස් හා යෝජනා ඉදිරිපත් වන විට ඒවා හාස්‍යයට ලක් කිරීම වෙනුවට බුද්ධිමත්ව සලකා බැලීමෙන් රටටත් ජනතාවටත් සෙතක් වන බවට බලධාරීන් වටහා ගත යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment