ඩොලර් මිලියන 500 ක් ලැබෙන එල්එන්ජී ව්‍යාපෘතියකට අනුමැතිය ගන්න සාකච්ඡාවක් අද හෙටම

290

ඩොලර් මිලියන 500 ක් කඩිනමින් මහා භාණ්ඩාගාරයට ලබාගත හැකි එල් එන් ජී විදුලි ව්‍යාපෘතියකට අනුමැතිය ලබා ගැනීමට අදාළ තීරණාත්මක සාකච්ඡුාවක් මෙම සතියේ පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ආයෝජන මණ්ඩල අනුමැතිය මත මෙගොවොට් 488 ක මෙම එල් එන් ජී විදුලි ව්‍යාපෘතියට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය, විදුලිබල මණ්ඩල හා විදුලිබල අමාත්‍යාංශ අනුමැතිය පවා ලබාදී තිබුණත් යම් යම් පාර්ශ්ව එම බලාගාරය ඉදිකිරීම දිගින් දිගටම පමාකරමින් සිටින බව ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කියා සිටිති.

මර්චන්ට් ටයිප් ක‍්‍රමය යටතේ විදෙස් ආයෝජන මත මෙම විදුලි ව්‍යාපෘතිය ලංකාවට ලබා ගැනීමට මෙරට පිහිටි ලංකා ආලෝක් සමාගම දේශීය ලෙස මැදිහත්වී සිටින අතර මෙම විදුලි ව්‍යාපෘතියෙන් විදුලිය ලබාගනු ලැබුහොත් පමණක් මුදල් ගෙවිය යුතුව ඇත. දැනට මෙරට බොහෝ බලාගාරවලින් විදුලිය මිලදී ගත්තත් නොගත්තත් ස්ථාවර ගාස්තු ( ගෙවිය යුතු වුවත් මෙම බලාගාරය එවැනි මුදලක් ලබා නොගැනීම ද විශේෂත්වය කැයි ලංවීම ඉංජිනේරුවෝ කියා සිටිති.

මෙම විදුලි ව්‍යාපෘතියට අදාළ අභිප‍්‍රාය ලිපිය (එල්. ඕ. අයි.) ලද සැණින් ව්‍යාපෘථිය ආරම්භ කර වසර එකහමාරකින් විදුලිය ජනනය කළ හැකිය. මෙම විදුලි ව්‍යාපෘතිය කඩිනමින් අනුමත කරගත හොත් ඉදිරි කාලයේ මෙරට ඇතිවිය හැකි විදුලි අර්බුදයට එය කදිම විසඳුමක් යැයි ද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment