ඩොලර් මිලියන 500 ක ණය පියවීමෙන් ගජ මිතුරන්ගේ ලාභය සියයට තුන්සියය ඉක්ම වූවා

382

ආචාර්ය හර්ෂ ද සිල්වා

දැන් අලි සබ්රි මහතා අයි. එම්. එෆ්. ගිහින් තිබෙනවා. ඒ සාකච්ඡාවේදී ශ්‍රී ලන්කන් ආයතනය මෙහෙම ගෙනියන්න බෑ කියලා තියනවා. අලුතින් ගුවන් යානා ගන්න කලින් අවස්ථාවට උචිතව ක්‍රියා කරන්න. දැන් අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති කරපු දේ බලන්න. ඔහු රුපියල නිකම්ම අත ඇරලා දාලා දැන් රුපියල් 200 ට තිබුණු ඩොලරය දැන් රුපියල් 340 යි. කළු කඩේ 400 යි. මේ කරපු උද්ධච්ච අමනෝඥ ක්‍රියාව නිසා සමස්ත ජනතාව දුක් විඳිනවා. මේක සාපරාධී ක්‍රියාවක්. දැන් ජනාධිපතිට වැරදුනා කියලා මේක විසඳෙන්නේ නෑ. ඩොලර් මිලියන 500 ක ණය පියවීමේ වාසිය ගත්තේ ගජ මිතුරු කණ්ඩායමක්. එමගින් ඔවුන් වාර්ෂික ලාභය සියයට 300 ඉක්මවූවා. ණය පියෙව්වේ කොහොම හරි මඩිය තරකර ගන්නයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment