ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්‍ව බැඳුම්කර ණය ගෙවීම හෙට

535

ජාත්‍යන්තර ස්වෛරීත්‍ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් හෙට (18දා* පියවීමට තිබේ.

ඒ අනුව මේ මුදල හෙට දින ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පියවීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් වෙන්කර තිබේ.

හෙට දිනෙන් පසු මීළඟ විශාලතම විදෙස් ණය ගෙවීමට නියමිතව ඇත්තේ 2022 ජූලි 25 වැනිදා වන අතර එය ද ජාත්‍යන්තර ස්වෛරීත්‍ව බැඳුම්කරයක් කල් පිරීම හේතුවෙන් ගෙවීමට තිබේ. එම අගය ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.

ඉදිරියේදී රජයට ගෙවීමට ඇති සියලූම ණය වගකීම් පියවීමට කැප වී සිටින බව මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment