ඩොලර් මිලියන 700 ක ආයෝජනයක්; කොළඹ වරායේ ‘බටහිර’ අදානිට… වරායට 15% අදානිට 51% හවුල්කාර සමාගමට 34%

340

ගිවිසුම අත්සන් කළ මොහොත….

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිකර දෙමින් එය ඉදිකර, මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් අයිතිය පවත්වාගෙන යෑම සහ යළි භාර දීම ස`දහා වූ ගිවිසුමට (BOT) ඊයේ (30 වැනිදා) අත්සන් තැබිණි.

මෙම ගිවිසුම අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ සියයට 51 කොටස් අදානි පෝර්ට්ස් ඇන්ඞ් ස්පෙෂල් ඉකොනොමික් සොන් සමාගමටත්, සියයට 34ක කොටස් ජොන් කීල්ස් සමාගමටත්් සියයට 15ක කොටස් වරාය අධිකාරියටත් හිමිවෙයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීම වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස සහ මෙරට හවුල්කාර සමාගම වන ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ක‍්‍රිශාන් බාලේන්ද්‍රන් යන මහත්වරුන් විසින් කොළඹ සිට සිදු කරන ලද අතර අදානි සමාගම වෙනුවෙන් එහි සභාපති සන්දීප් මෙහෙතා මහතා ඉන්දියාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගීවෙමින් අත්සන් තැබීය.

මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාවට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඞී.සී. ජයලාල්, වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප‍්‍රසන්න ජයමාන්න යන මහත්වරු සහභාගී වූහ. සූම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට මෙම අවස්ථාවට අදානි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කරන් අදානී, ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ද එක්වූහ.

මෙම ගිවිසුමට අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකර පවත්වාගෙන යෑම ස`දහා කෙරෙන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වේ. අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම එම ආයෝජනය සිදු කරනු ලබයි.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම ස`දහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉකුත් මාර්තු මස 02 වැනිදා ලැබුණි. ඒ අනුව රජය වෙනුවෙන් වරාය සහ නාවික අමාත්‍යංශය හා වරාය අධිකාරිය මගින් අභිලාසය ප‍්‍රකාශ කිරීමේ ලිපියක් අදානි සමාගම වෙත ලබා දෙනු ලැබිණි.

උපාලි ද සේරම් සහ සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment