ඩොලර් මි. 100 ක අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට එකඟතාවක්

222

සෞඛ්‍ය කටයුතු සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත මුදලින් කොටසක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා යොදා ගැනීමට එකඟත්වය ලැබී ඇතැයි නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දීර්ඝ කාලීන ණය සහන පදනම යටතේ මෙරට සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 300 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා යොදා ගැනීමට එකඟත්වය ලැබී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීමට අනුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා එකඟත්වය ලබාදී ඇත.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment