ඩොලර් සමග ගනුදෙනු ඇති අයට හෘදසාක්‍ෂිය තේරෙන්නේ නෑ

202

අපි මේ ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ නිසා දැන් අපට තෝරගන්න වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක තෝරාගැනීම් නොවෙයි. මේ විශේෂිත තත්ත්වය දකින්න පුළුවන්, එය අබිබවන්න පුළුවන්, රාජ්‍යයට සිදුවන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්, අපේ නූතන තරුණ පරම්පරාව අපේක්‍ෂා කරන පරමාදර්ශී අනාගතය නිර්මාණය කරන්න පුළුවන් උත්තර අප විසින් සපයාගත යුතුව තිබෙනවා යැයි ද ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේය.

අප මෙතෙක් දේශපාලනයේ ඉටු කරන ලද කාර්යභාරයේ තීරණාත්මක පිළිතුරු සැපයීම කරා ගමන් කරමින් සිටිනවා. ඉන් අපට ගැලවෙන්න බැහැ. අපි මේ රටේ ජාතිකවාදී බලවේග, වාමවාදී බලවේග හැටියට හෘදසාක්‍ෂිය පැත්තක තියලා දේශපාලනය කරන බලවේගයක් නොවෙයි. අපි තීරණාත්මක අවස්ථාවක හෘදසාක්ෂිය සමග හිටගන්න බලවේගයක්. හෘදසාක්ෂියත් සමග ගනුදෙනු නැති - ඩොලර් මිටි සමග ගනුදෙනු ඇති අයට මේවා තේරෙන්නේ නැති වුණාට හෘදසාක්ෂියත් සම`ග ගනුදෙනු ඇති මේ රටේ ජාතිකවාදී වාමවාදී බලවේගවලට ඒ කාරණය හොඳ හැටි තේරෙනවා යැයි ද ඒ මහතා සඳහන් කළේය.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ ‘නිදහස් නියමුවෝ’ ප‍්‍රකාශනයක් ලෙස ‘තෙවැනි මඟ’ මාසික ස`ගරාව ජනගත කිරීමේ උත්සවයේදීය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment