ඩොලර් හිඟය නිසා  මෙවර හජ් වන්දනාව නෑ – මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

129

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා මෙරට ඉස්ලාම් භක්තිකයන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගි නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් ඉස්ලාම් භක්තිකයන් 1,585 ක් සහභාගි වීමට නියමිතව තිබිණි.

 ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment