“ඩොලර් හොයන මිතුරන්ට හසුවන්න එපා”

378
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශය

“ඩොලර් හොයන මිතුරෝ” යන නමින් මුහුණු පොත මගින් පළකරන ලද දැන්වීමක් තුළින් දකුණු කොරියාවේ රැකියා දෙන බවට විවිධ පුද්ගලයන්ගෙන් ලිපිලේඛන එක්රැස් කළ කොට්ටාව, පන්නිපිටිය, නියදිගල ප්‍රදේශය පදිංචි පුද්ගලයන් දෙදෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව, දකුණු කොරියාවේ රැකියා ඉල්ලා සිටීමට අවස්ථාවක් ලබා ගැනීමට කැමති වයස අවුරුදු 55 ට අඩු සියලු දෙනාට

රැකියා ලබාදෙන බවත් ඒ සඳහා ගමන් බලපත්‍රයේ, ජාතික හැඳුනුම්පතේ හා වීසා බලපත්‍රයේ පිටපතක් ලබා දෙන ලෙස ඔවුන් විසින් ව්‍යාජ ලෙස තොරතුරු ප්‍රචාරය කර තිබේ.

දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බැවින් මෙවැනි වංචනිකයන්ට හසුනොවන ලෙස කාර්යාංශය විදේශ
රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටී.

මෙම මස 08 වැනි දින මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලදී. සැකකරුවන්ට සැප්තැම්බර් මස 30 දින යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වන කපිල කරුණාරත්න, රවීන්ද්‍ර අබේපාල, ඉඳුනිල් පුෂ්පකුමාර, නාලක මාමල්ගහ යන මහත්වරු ද සහභාගි වූහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment