ඩෝප් රියැදුරන් අල්ලන බැලුන් 16,7000 ක් පොලිසියට

41

අලුත් අවුරුදු උත්සව සමයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීමට භාවිතා කරන ඇල්කොලයිසර් (බැලුන්) එක්ලක්ෂ හැටහත්දාහක් (16,7000) පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

ඉන් හැත්තෑදහසක් (70,000) මේ වන විට පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇතැයි ද හෙතෙම කීය.

උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සහ හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද පොලිසිය ක්‍රියාවට නංවා තිබේ.

මේ අතර අලුත් අවුරුදු සමයේ විෂ මත්ද්‍රව්‍ය හා සූදු පළවල් වැටලීම සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙනම කණ්ඩායමක් සූදානම් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment