ණයට තෙල් දෙන්න බැහැ – ගම්මන්පිල කියයි

177

ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමග කිසිදු සාකච්ඡුාවක් ඊයේ (17දා) සිදුකළේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (17 දා) පැවසීය.

විදුලිබල මණ්ඩලය 2020 දෙසැම්බර් 31 වන විට ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 91ක් ණයවී තිබෙන බවත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදී තවදුරටත් තෙල් සංස්ථාවට පාඩු ලැබීමට නොහැකි බවත් ඇමැතිවරයා කීය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 400ක් වැයවන බවත්, එසේ මුදල් වැයකර මිලදී

ගන්නා ඉන්ධන විදුලිබල මණ්ඩලයට ලබාදුන්නොත් රටේ ප‍්‍රවාහන ගැටලූ ඇතිවන බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment