ණය ක්‍රමවේදය අප්‍රේල්වල කියනවා – මහ බැංකු අධිපති

254

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එසේම වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමට ද බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6ක දී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment