ණය ගෙවීමේ කාලය අඩුවීම ගැන සජිත් විමසයි

13

ජාත්‍යන්තර ණය ගෙවීමේ ක්‍රියාවලිය 2033 වසරේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවස්ථාව ලබා දී තිබියදී එය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ රජයේ දුර්වලතාවය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් පසු පිළිතුරු කථාව සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.අපට ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා ලබාදී තිබූ කාලය මෙලෙස අඩුවී ඇත්තේ මෙම ණය ගෙවීමේ සාකච්ඡා සඳහා සහභාගීවූ නිලධාරීන්ගේ අඩුපාඩු නිසා බවද පැවසූ විපක්ෂ නායකවරයා රටේ ආර්ථිකය ගොඩගැනීමේ වැඩ පිළිවෙල අමාරු බව තමාද පිළිගන්නා බවද මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment