ණය නිසා බඩු ලැබෙන්නේ නෑ සෞඛ්‍ය සේවා අඩපණ වෙනවා…  රවී කුමුදේශ් කියයි

143

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත රුපියල් බිලියන 10 ක ණය ගෙවීමට වගකිවයුත්තෙක් නැහැ. මේ නිසා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් නවතින ලකුණු පහළ වී තියෙනවා’’ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට පැවසීය.

මේ ගැන උත්තර දීමට පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තෙක් නැතැයි ද හෙතෙම කීය.

රවී කුමුදේශ් මහතා මෙසේ ද කීවේය.

බිලියන 10 ක ණය ගෙවන්න තියෙනවා. අඩු ගානේ උත්තර දෙන්න කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැහැ. මේ හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ, සිටී, එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණ, අත්‍යවශ්‍ය පිළිකා ප‍්‍රතිකාර යන්ත‍්‍ර, කුඩා දරුවන්ගේ ඔක්සිජන් සැපයුම සඳහා භාවිතා කරනු ලබන විශේෂිත වෙන්ටිලේටර් යන්ත‍්‍ර ඇතුළු සියලූ වෙන්ටිලේටර් යන්ත‍්‍ර සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ සේවාවන් සපයා ගැනීම ගැටලූවක් බවට පත් වෙලා.

බොහෝ සමාගම්වල දැරිය හැකි ණය සීමාව ඉක්මවා ගිහින්. මේ නිසා තවදුරටත් සැපයුම් කිරීම අත්හිටුවීමට හෝ නොඑසේ නම් සමාගම් වසා දැමෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment