ණය ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවේ එකගතාවක්

67

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම එකඟතාවට අනුව දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක හිඟ රාජ්‍ය ණය සහ දිගුකාලීන මිශ්‍රණයකින් සමන්විත ණය කල් පිරීම් දිගු කිරීමේ සහ පොලී අනුපාත අඩුකිරීමක් අදාළ වන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

මේ එකඟතාව පළ කිරීම ගැන ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල නිල කමිටුවට ස්තූතිය පළ කරන බවත් මේ එකඟතාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් පියවරක් සනිටුහන් කරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරත්වය ඇතිකර ගැනීමේ සහ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීමේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස මෙම එකඟතාව ක්‍රියාකරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment