ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඉන්දියාව සමග සාකච්ඡා

68

ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමග ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික නිල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බව ඉන්දියාව කියයි.

මීට අදාළ පළමු සාකච්ඡා වටය පසුගිය 16 දා කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා ණයහිමියන්ගේ මූල්‍යන සහතිකය අවශ්‍ය කෙරේ. සුහද අයුරින් පැවැති මෙම සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් ශ්‍රී ලංකාවට ගැළපෙන මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට සහ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉන්දියාවේ සහයෝගය සංකේතවත් කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්වකරුවන් සමග තවදුරටත් සමීපව කටයුතු කරනු ඇති බව ද එම මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment