ණය ප‍්‍රතිව්‍යුහගත නොකළොත් අයිඑම්එෆ් ගියත් අර්බුදයෙන් ගොඩ එන්න බැහැ- හර්ෂද සිල්වා (සජබ)

172

කොළඹ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) – ග්ලයිෆොසෙට් අද සම්පූර්ණයෙන්ම තහනම් වී තිබෙනවා. එය තේ, රබර් කර්මාන්තවලට බලපාලා. ඒ ගැන ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.

අධිභාර බද්ද ගෙවීම ගැන පනතේ සමාගම කියන වචනය ගැන අර්ථකතනය ගැටලූ සහගතයි. අර්ථ සාධක අරමුදලට බදු පැනවෙන්නේ නැහැ කියලා මුදල් ඇමැති තැන් තැන්වල කිව්වත් පාර්ලිමේන්තුවේ කිව්වේ නැහැ. ඒවගේම පනත් සංශෝධනයවත් වෙනස් කර නැහැ. දැන් විවාද කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා.

ඩොලර් බිලියන 7.8 ක් තිබුණ සංචිත අද අවම වෙලා. බලාපොරොත්තු වූ පේ‍්‍රෂණ නැහැ. පේ‍්‍රෂණ ලැබීම සියයට
60 කින් අඩුවෙලා. පිටකොටුවේ රුපියල් 257 ට ඩොලරය විකිනෙනවා. ඒනිසා ඩොලර් අඩු ගාණට එවන්න විදෙස් ගතවූවන් ක‍්‍රියා කරන්නේ නැහැ.

ගිය ආණ්ඩුව ගත් ණය වලින් සියයට 89 ක් ඊට පෙර ආණ්ඩුව ගත් ණය ගෙවන්න ගත් ඒවා. සියයට 11 යි හරියටම ණය අරන් තියෙන්නේ. එය සමීක්‍ෂණ ආයතන පෙන්වාදී තිබෙනවා.

ණය ප‍්‍රතිසංවෘත ගතකර සහන කාලයක් ලබා නොගත්තොත් අයි එම්. එෆ්. ණය ගත්තත් මේ අර්බුදයෙන් ගොඩඑන්න බැහැ. අයි. එම්. එෆ් වාර්තාව වහාම සභාගත කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment