ණය සහන පතන අය අයැදුම් කරන්න: මහ බැංකුව කියයි

97

ණය සහන බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් 2022.07.31 දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් සිය බලපත්‍රලාභී බැංකුව වෙත තම ඉල්ලීම් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එකී ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බැංකුවේ තීරණය, ඉල්ලීම ලැබුණු දින සිට මසක් ඇතුළත අයදුම්කරුවන් වෙත නිසි පරිදි දැනුම්දීම කෙරෙනු ඇත. ප්‍රතික්ෂේපිත ඉල්ලීම් ගැන ඒ සඳහා හේතු සහිත එම බැංකු විසින් අයදුම්කරුවන් වෙත දැනුම් දිය යුතු අතර, එහිදී ගනුදෙනුකරුට එවැනි ප්‍රතික්ෂේප කිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය

පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

මේ යටතේ සක්‍රීය මෙන්ම අක්‍රීය ණය පහසුකම් සඳහා ද සහන ඉල්ලුම් කළ හැකි අතර වැඩි විස්තර මහ බැංකුවේ වෙබ් අඩවියේ ඇතුළත් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment