ණය සහන මත තෙල් ගන්න ජනපතිගෙන් රුසියානු  ජනපති පුටින්ට ඇමතුමක්

121

රට තුළ පවතින ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා ණය සහන පදනම මත ඉන්ධන ආනයනයට සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතා සමග දුරකථන සංවාදයක යෙදී ඇත. එය සාර්ථක සාකච්ඡාවක් වූ බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්වේ.

මෙම සංවාදයේදී ජනාධිපතිවරයා නැවත රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාව ආරම්භ කරන ලෙසද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මෙහිදී ජනාධිපතිවරුන් දෙදෙනා දෙරට අතර ආර්ථික, සංස්කෘතික ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සහ රුසියානු සහ ශ්‍රී ලාංකික ජාතීන් අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම සම්බන්ධව ද සාකච්ඡා කළ බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment