ණය හිමියන්ට ජනපතිගෙන් ලිපියක්

94


ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර ඇත.

විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment