ණය හුටපටේ දුරදිග ගිහින් නීතිඥයා වෙඩි තියලා

517

කාන්තාවෝ දෙදෙනා සහ නීතිඥයා අත්අඩංගුවට
සුඛෝපභෝගී ජීප් රථයට හානි

පෞද්ගලික ගිනි අවියෙන් අහසට වෙඩි තැබූ නීතිඥයකු සහ තවත් කාන්තාවන් දෙදෙනකු 30 දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ, පාගොඩ පාරේ පදිංචි නීතිඥවරයකු සහ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

සැකකාර නීතිඥයා කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන අයෙකු බවත් පොලිසිය කීය. වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. පිස්තෝලය සඳහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

ණය හුටපටේ දුරදිග ගිහින් නීතිඥයා වෙඩි තියලා

වෙඩි තැබීම සිදුකර ඇති නීතිඥයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුට ණය මුදලක් ලබාදී තිබේ. එය නැවත නොගෙවීම නිසා ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ ඇත. එහිදී දෙපිරිස අතර කතාබහක් සිදුව තිබේ. ප්‍රතිවාදී පිරිස නීතිඥයාට පහරදීමට සූදානම් වීමේදී ඔහු සඟවාගෙන සිටි පිස්තෝලයෙන් අහසට වෙඩිතබා ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇත. නීතිඥයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුව තිබුණි. පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකළ අතර වෙඩිතැබීම සිදුකළ

ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතොරොම් හිස් කොපුවක් සොයාගත් බවද පොලිසිය කීය. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ

උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment