ඬේල් සේටේන් කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම යයි

160

දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඬේල් ස්ටේන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය ඊයේ (31 වැනිදා) මේ බව ප‍්‍රකාශ කර සිටියේය.

 දකුණු අපි‍්‍රකාවේ වේග පන්දුවේ පුරාවෘත්තයක් ලෙසින් සඳහන් වන ඬේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 93කදී කඩුලූ 439ක් බිඳ දමා තිබේ. ජාත්‍යන්තර එක්දින තරග 125කදී කඩුලූ 196ක් බිඳ දැමීමට සමත්වී ඇති ස්ටේන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 47කදී කඩුලූ 64ක් බිඳ දැමීමට සමත්වී තිබේ.

 මේ වනවිට 38 වැනි වියේ පසුවන ස්ටේන්ට ඇති වූ උරහිසේ ආබාධයක් හෙතුවෙන් කිහිප වතාවක්ම ජාතික කණ්ඩායමෙන් ඉවත් වී සිටියේය. එ් අනුව අවසන් වරට 2019 වසරේදී ශී‍්‍ර ලංකාව සමගින් ටෙස්ට් සහ එක්දින තරගයක් කී‍්‍රඩා කළ ස්ටේන් 2020 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබිණි.

 පසුගිය වසරේ පැවැති ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී කැන්ඩි ටක්සර්ස් කණ්ඩායම නියෝජන කළ ස්ටේන් ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී ඩෙකෑන් චාජර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්රයිසස් හයිද්‍රාබාද් වැනි කණ්ඩායම් ගණනාවක් නියෝජනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment