තංගල්ලේ කාල්ටන් නිවසත් වටලයි

370

කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාර

පොලිසියේ  9 දෙනකුට තුවාල

15 දෙනෙක් අත්අඩංගුවට

තංගල්ලේ කාල්ටන් නිවසත් වටලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන්ගේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඊයේ (04 වැනිදා) දහවල් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනිණි.

තංගල්ලේ කාල්ටන් නිවසත් වටලයි

මෙහිදී පොලිසියේ නිලධාරීහු නවදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.

තුවාල ලැබූ අය අතර තංගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා, සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා, සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීහු 6 දෙනෙක් වෙති.

තංගල්ලේ කාල්ටන් නිවසත් වටලයි

මීට අමතරව විරෝධතාකරුවන් 15 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවසීය.

විදුලිය කැපීම, ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුළු අනෙකුත් ආර්ථික අර්බුදවලට වත්මන් රජය විසඳුම් ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් වහාම රාජපක්ෂවරුන් ඇතුළු ආණ්ඩුව ඉවත් වන ලෙසට බල කරමින් දහසකට අධික විරෝධතාකරුවෝ පිරිසක් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ තංගල්ල නගර මධ්‍යයට එක්රැුස් වූහ. එහිදී විවිධ විරෝධතා පුවරු අතැතිව විරෝධතාකරුවෝ සටන් පාඨ කියූහ. ඊට නීතිඥයන්, සිවිල් කි‍්‍රයාකාරීහු හා සාමාන්‍ය ජනතාව ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව ඔවුහු තංගල්ල නගරයේ සිට කාල්ටන් නිවස කරා පාගමනින් පැමිණෙන්නට වූහ. හොරා, රට කාපු හොරා, ගෝඨා ගෝ යැයි පවසමින් ඔවහු ඉදිරියට පැමිණියහ. මේ අවස්ථාවේදී කොළඹ – කතරගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ගේ ගමන වළක්වාලීමට දැඩි උත්සාහයක් දැරුව ද විරෝධතාකරුවෝ පොලිස් මාර්ග බාධක පෙරළා දමමින් ඉදිරියට ඇදී ඒමට උත්සාහ ගත්හ. මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් කීප දෙනකු පලා යන අයුරු ද දැකගත හැකි විය.

මේ අවස්ථාවේ කි‍්‍රයාත්මක වූ අනෙක් පොලිස් නිලධාරීහු කාල්ටන් නිවස දෙසට හා පොලිසියට ගල් මුල් ප‍්‍රහාර එල්ල කරමින් ප‍්‍රකෝපකාරීව හැසිරුණු පිරිස් පාලනය කර පලවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරන්නට වූහ.

මේ අවස්ථාවේ පොලිසියේ හා විරෝධතාවයේ නියැළුණු පිරිස් තුවාල ලබා සිටිනු දැක ගත හැකි විය.

විරෝධතාකරුවන් ඊයේ සවස් භාගය වනවිටත් තංගල්ල නගරයේ තැන් තැන්වල රැුඳී සිටිනු දැකගත හැකි විය.

පැවැති උණුසුම්කාරී තත්ත්වය හමුවේ තංගල්ල නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ඊයේ (04 දා) රාතී‍්‍ර වනවිට අතිරේක භට පිරිස් කැඳවා තිබිණි.

මේ අතර, විරෝධතාකරුවන් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් පොලිසියේ ජල විදින ප‍්‍රහාරක රථයට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

එසේම ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් රජයේ හා පෞද්ගලික ආයතන රැුසකට ද නිවාස කීපයකට ද දැඩි අලාභ හානි සිදු වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ තවත් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවට සී. සී. ටී. වී. කැමරා පරීක්ෂා කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.

හේමන්ත රන්දුණු, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  දිලිප් එන්. ජයසේකර – මත්තල

advertistmentadvertistment
advertistmentadvertistment