තංගල්ලේ හෝටලයකින් තරුණ යුවළකගේ මළ සිරුරු හමුවෙයි

1089

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළදී පෙම්වතුන් දෙදෙනකු ගෙල වැලලාගෙන ඊයේ (23දා) අලුයම මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට, මානජ්ජාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජයවර්ධන ආරච්චිගේ දුමීෂා ඕෂධි නමැති අය හා ඇයගේ පෙම්වතා බව කියන තංගල්ල දංකැටිය පදිංචි 20 හැවිරිදි රාමයියා අජිත් කුමාර නමැති අයයි.

මෙම තරුණ පෙම්වතුන් යුවළ ඊයේ අලුයම 3.45ට පමණ හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරය අසලදී දෙදෙනාම එක පුටුවක් උඩ නැග ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් සිදුකළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අයෙකු බවත්, ඔහු ඊයේ (23දා) අලුයම 12.30ට පමණ අම්බලන්තොට මානජ්ජාව පිහිටි සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇය ත්‍රිරෝද රථයකින් අම්බලන්තොටට රැගෙනවිත් එදින රාත්‍රියේ තංගල්ල මැදකැටිය පිහිටි හෝටලයක නවාතැන් ගෙන ඇති බවත්ය. පසුව අලුයම දෙදෙනාම එකට සියදිවි නසාගෙන ඇත.

සිද්ධිය පිළිබඳව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
හේමන්ත රන්දුණු, මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment