තක්කාලි 800, අමුමිරිස් 600, බටු 450, කැරට් 400: පොහොර නැතිකමින් අස්වැන්න අඩුවෙලා

354

දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම මිල ඉහළ ගොස් ඇති බව හැටන් නගරයේ එළවළු වෙළෙන්දෝ පවසති.

ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවීන්ට ලබාදීමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳුන් පැවසීය.

තක්කාලි කිලෝවක් රු. 800, කැරට් 400, මාළු මිරිස් 400, බටු 450, අර්තාපල් 300, ලීක්ස්, බීට්රූට් සහ ගෝවා 300 මිලකටත්, අමුමිරිස් 600 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙඳුන් පැවසීය.මෙයට සමගාමීව පහතරට එළවළු මිලද රු. 400 කින් ඉහළ මිලකට අලෙවි වන බව වෙළෙඳුන් කියයි.

කෘෂි රසායනික සහ පොහොර නොමැතිවීම අස්වැන්න අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment