තණකොළ වගාව කෘෂිකර්ම භෝගයක් කෙරේ

98

තණකොළ වගාව කෘෂිකර්ම භෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි සතුනට තණකොළ ලබා ගැනීමට නොහැකිවීම මත මෙම තීරණය ගෙන තිබේ.

මෙරට සත්ත්ව ආහාර සඳහා තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් සිදුනොවන බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එබැවින් ගුණාත්මක බවින් උසස් හා සතුන්ගෙන් වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි තෘණ විශේෂ වෙනත් භෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව තණකොළ වගාව මගින් ගොවීනට අමතර ආදායමක් උපයා ගැනීමටද හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කිසිදු භෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000 ක් පමණ බස්නාහිර පළාතේ ඇති බවට හඳුනාගෙන ඇත. එවැනි ඉඩම් තෝරාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය විශේෂ වූ තණකොළ වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

උපාලි ද සේරම්, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment