තත්කාලයෙන්  රෝග හඳුනාගන්නේ කෙසේ ද?

457

බොහෝවිට රෝගී තත්ත්වයන් හඳුනාගැනීමට නොහැකිවන අවස්ථා සහ රෝගී බව, ලෙඩේ නොදන්නා බව නිසා ප්‍රතිකාර කිරීමට ද නොහැකි වෙයි. එම නිසා මිනිසුන් තත්කාල ශාස්ත්‍රයෙන් පිහිට පැතීමට පෙළඹෙයි.

 තත්කාල කේන්ද්‍රයකින් බොහෝ දේ පැවසිය හැකි බව ඔබ දන්නවා ද? එසේනම් නැතිවූ භාණ්ඩ, පැනගිය අය, සතුරු කරදර, නිවසේ පවතින භූත දෝෂ, අණවින දෝෂ, තනිකම් දෝෂ, නඩුවලදී ජය පරාජය, වාස්තු දෝෂ, ලෙඩ රෝග ආදී නොයෙක් ආකාරයේ කරුණු කාරණා පැවසිය හැක. නමුත් අපේ ප්‍රධානම කාරණය වන්නේ මෙයින් ලෙඩ රෝග හඳුනාගැනීමයි.

 බලමු, මෙම ලෙඩ රෝග හඳුනාගන්නේ කෙසේද කියා. මෙයට මුල්වන්නේ උදාවූ ලග්නයයි. මෙහිදී උදාවූ ලග්නයේ ලග්නාධිපතියා සිටින ස්ථානය ගැන ද අවබෝධයක් තිබිය යුතුයි. මොකද මෙයින්ද අසනීප පැවසිය හැකි බැවිනි. මෙයින් රෝග කාලය අඩු වැඩිවීම් ගැන ද වෙනස් වන බවද යම් තරමකට අවබෝධයක් ගත හැක.

 දැන් බලමු තත්කාල කේන්දරය මේෂ ලග්නය උදාවී ඇති අවස්ථාවක නම් උෂ්ණාධික බව, ඇස්වල, දත්වල ආබාධ, උණ විඩාපත් බව, කෑම දිරවීමේ රෝගාබාධයන්, ශරීරයේ හා අත්පාවල වේදනාව, නිතර නිතර ඇඟේ පතේ අමාරුකම්, මානසික පීඩාවන්, හිසට බර ගතිය මේ සියලු දේ කුජ මුල්කරගෙන සිදුවන්නෙකි. මෙය කුජ ඉන්නා ස්ථානය අනුව අඩු වැඩි වෙයි.

 තත්කාල කේන්දරයේ කුජ උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව හෝ මූල ත්‍රිකෝණව සිට ලග්නය, පහ, දහය යන තැනක සිටින අවස්ථාවක නම් රෝගියාට විශාල වශයෙන් ලොකු අසනීපයක් නැති බවත් සුළු වශයෙන් අසනීප තත්ත්වයන් ඇති බවත් සඳහන් කළ යුතුයි. තවද 6, 8, 12 යන ත්‍රිකයක කුජ සිටීනම් රෝග තත්ත්වය තරමක් දුරට වැඩිවී ඇති බව පැවසිය හැක. තවද පාප ග්‍රහයන් සමග එක්ව ඇත්නම් එම ග්‍රහයන්ට අයත් රෝගයන් ද මෙම රෝගියාට වැළඳිය හැකි බවද කිව යුතුයි.

 මීට අමතරව නවාංශකයෙන්ද යමක් පැවසිය හැක. එනම් උදාවී ඇති රාශියේ නවාංශකයෙන්ද අසනීප දුරුවෙන බව කිව යුතුයි. එනම් මේෂ ලග්නයේ පළමු නවාංශකය නම් උෂ්ණාධික බව වැඩිවෙයි. දෙවැනි නවාංශකයෙන් නම් කෑම දිරවීමේ අපහසුකම හා ආහාර ලබාගැනීමෙන් මුඛයේ ඇතිවූ අසනීපයන්ද, තුන්වන නවාංශකයෙන් නම් ඇස් හා ඒ අවට රෝගද, හතරවන නවාංශකයෙන් නම් ශරීරයේ වේදනා ගෙනදෙන රෝගවලින්ද පෙළෙන බව කිව යුතුයි. මේ විස්තරයට තවත් යමක් එක්කළහොත් මෙම ග්‍රහයන් (අධිපතියන්) සතුරු, මිතුරු, නීච, ස්වක්‍ෂේත්‍ර හෝ උච්චව ඇද්දැයි බලන්න. මෙම තත්ත්වය අනුව ද රෝග විනිශ්චයන් දිය හැක. තවද රෝගය හටගත් කාලය සෙවීමේදී උදාවූ රාශිය අධිපතියා එම රාශියට පැමිණි වකවානුව ගැනද අවබෝධ කර ගන්න. මන්ද එම කාලයද රෝගී බව අඩු වැඩි වීමට බලපාන බැවිනි. මීට අමතරව 6 වැන්නාධිපති ගැන ද විමසිලිමත් විය යුතුයි.

 මේෂ ලග්නයෙහි ග්‍රයන් පීඩාවූ කල කුල දේවතාවුන් නොපිදීම නිසා ද දෝෂ ඇතිවිය හැක. සමහර රෝගවලින් මිදීමට කුල දේවතාවුන් පිදිය යුතුයි. ජාතියේ කුල දේවතාවුන් වන්නේ සංඝයා වහන්සේලා ය. එබැවින් භික්‍ෂූන්ට දන් දීමට උපදෙස් දිය යුතුයි. මන්ද ඒයින් සමහර රෝග සුවවන නිසාවෙනි. එදා අතීතයේ සිටිය කුල දේවතාවුන් වගේ නෙවේ අද ඉන්නා කුල දේවතාවුන්. එම නිසා සංඝයා මොන වරද කළත් අපහාස නොකිරීමට තරයේ සිතට ගන්න.

 මීළඟට වෘෂභ ලග්නය උදාවී තිබියදී ප්‍රශ්න කළේ නම් එනම් මා වෙතට ආ අමුත්තාගේ තත්කාල කේන්දරය වෘෂභ නම් තමාගේ ගෙදර දොර කටයුතු අවුල් වීමෙන් ඇතිවූ පීඩාවන් දරා ගැනීමට නොහැකි කමක් මානසික වශයෙන් අනන්තවත් පීඩා විඳින බවත් කිව යුතුය. මෙයින් ශරීරයටද රෝග පීඩා ගෙනදෙන බවත් පැවසිය යුතුයි. කාලාන්තරයක් සිතේ සිරකරගෙන සිටීමෙන්ද පීඩා විඳින බව කිව යුතුයි. කෙසේ හෝ මූලිකම රෝග ලක්‍ෂණයට හේතුව කිසිවෙකුටත් පැවසීමෙන් තොරව තමා විසින්ම තීරණගෙන තමාම තමාවම රිදවාගෙන වන අසනීපවලින් පීඩා විඳින බවයි.

 මෙසේ මානසික පීඩනය නිසා මුඛයේ හා බෙල්ලෙහි හටගන්නා රෝගද, ශරීරයේ සියලු අවයවයන්ට බලපාන කුමන හෝ රෝගයක් හට ගන්නට හැකියාව ඇති බවද පැවසිය යුතුයි. මෙම රෝගයෙන් බේරීමට නම් පීතා දේවතාවුන් පිදිය යුතුයි. මේ පිළිබඳව නාරද ඍෂිතාවෙහි අපූරුවට අර්ථ දක්වා ඇත.

 ඊළඟ මිථුන ලග්නය විචාල ලග්නය ලෙස දැක්වෙද්දී ප්‍රශ්න කළේනම් තමන්ගේ කටයුතු වෙනස්වීම නිසා සහ තමාගේ නොසැලකිල්ල නිසා ඇතිවූ දෝෂයකි. එය බාධාවකි. ප්‍රමාදයකි. මෙම දෝෂය පැවසීමේදී අසූමහ දෝෂයන්ගෙන් කීපයකට හෝ එකකට හෝ වදින බව කිව යුතුයි. මෙයට විශේෂයෙන් මුල් වන්නේ පෝය දින බොරු කීම, ඉර හඳ දිවුරා පැවසීම, දෙමාපියන් මත තබා දිව්රීම, මහජනයා මුලා කිරීම ඔවුන්ගේ මානසික මට්ටම දුර්වල කර ප්‍රයෝජන ගැනීම, මෝඩයන් කිරීම, වැරදි පාලකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා අන් අය පීඩා වීම වැනි දෙයට දඬුවම් ලැබෙන්නේ විශ්වයෙනි. විෂ නැකත්වලින් යම් යම් දේ ආරම්භ කිරීම, දාගැබ් බෝධි පිළිම ආදිය නුසුදුසු ලෙස ආවට ගියාට කරන ඉදිකිරීම් මෙයට මුල්වේ. තුන් දෝෂයට ද හසුවේ. මෙම කරදරවලින් බේරීමට සුනඛයන්ට ආහාර දීම හා බහිරයන්ට පූජා පැවැත්වීම කළ යුතුයි. මෙසේ කිරීමෙන් මිථුන ලග්නය උදාවූ වෙලාවේ තත්කාලයට අවශ්‍ය පිළියම් ලැබේ. තවද බලන්න මාංධි තිබෙන ස්ථානය අනුවද ප්‍රතිඵල වෙනස් විය හැක.

 මේ කරුණුවලට අමතරව අසනීප හඳුනාගැනීමට 7 වැන්න ද වැදගත් වෙයි. ඒ හා සමානව ප්‍රතිකාර කිරීමට ද උපකාරී වන වෛiවරයා හඳුනාගැනීමට ද උදව් වේ. වෙදකම දැනට කරන ප්‍රතිකර්ම කෙතරම් දුරට සාර්ථකදැයි විස්තර කළ හැක්කේද සත්වන රාශියෙනි. 7 වැන්නාධිපති දුර්වලනම් නීච නම් සතුරු නම් එම නවාංශකය ගතවී ඇත්තේදැයි දැන ගැනීමෙන් වෛiවරයාගේ ප්‍රතිකාර ගැන සහ තවදුරටත් එම වෛiවරයාගෙන් ප්‍රතිකාර ගන්නේදැයි විමසීම හා තීරණයකට ඒමට හැකියාව පවතියි. දැන් අපි තත්කාල ලග්නය භාවය කටකය ලෙස ඇති කල්හි ඔබ අනාගතය ගැන සිත සිතා, අන් අය පෙළා තමාගේ අභිමතාන්තර ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරයි. එමෙන්ම උමතු ගති ලක්‍ෂණ නැති වුවත් උමතුවෙන් මෙන් හැසිරෙයි. සමහර අවස්ථාවල දී සතුටින් සිටින අවස්ථා මෙන්ම අසතුටින් සිටින අවස්ථා ද නැතුවා නොවේ. පුළුවන් තරම් දුරට ජීවිතය විඳින්නට උත්සාහ ගත යුතුයි. නමුත් විඳීම කෙසේ වෙතත් විඳවන ගතිය නිසා බොහෝ දුක් විඳියි, අඬා වැළපෙයි. මේ සියලු දේ ඇතිවීමට හේතු වන්නේ ඥාතීන්ගේ නොසැලකිල්ලට ලක්වීම, පාප මිත්‍ර සේවනයට ගොදුරුවීම ආදී කරුණු බව ද කිව යුතුයි.

 ඉතිරි කොටස ලබන සතියේ

තත්කාලයෙන්  රෝග හඳුනාගන්නේ කෙසේ ද?

නාඩි ජ්‍යොතිෂවේදී,  වාස්තු විද්‍යා උපදේශිකා
 ඉවෝන් දිසානායක
 ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
 (මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
 රම්මුතුගල- කඩවත.
 දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment