තත්ත්වය නරක් වුණොත් යළි රට වහන්න වේවි

171

ඉදිරියේදී පවත්වන කොවිඞ් සමාලෝචන කමිටුවේදී මේ රටේ තත්ත්වය පිළිබඳව අයහපත් වාර්තාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.

දෛනික කොවිඞ් ආසාදිතයන් 500 ඉක්මවීම සහ දෛනික කොවිඞ් මරණ 30ක් 40ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ මොහොතේ ලැබුණු නිදහස අවභාවිතා කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේෂ කඩකරමින් ජනතාව වගකීම් විරහිතව හැසිරුණොත් එහි ප‍්‍රතිඵලය භයානක ලෙසින් තව සති දෙක තුනකින් අපට දැකගන්න පුළුවන්. මේනිසා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment