තද වැසිවලින් චෙන්නායිහි 14ක් මරුට

143

මෙම දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදු වූ අනතුරුවලින් තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායි අගනුවර පදිංචි 14 දෙනෙකු මිය ගොස් තිබේ. බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති වර්ෂාව සහ තද සුළං හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා ඊයේ (11) සවස වන තෙක් අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

තමිල්නාඩු ප‍්‍රාන්තයේ උතුරු කොටසට හා අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට තවත් දින දෙකක් පමණ තද වැසි ඇද හැලෙනු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment