තනතුරු නොගෙන රටට හිතැති වැඩවලට  සහාය දෙනවා – සජබ තීරණය කරයි

96

නව ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරන, රටට හිතැති යහපත් කටයුතුවලට ඇමැති තනතුරු නොගෙන පාර්ලිමේන්තුවේදී පූර්ණ සහාය ලබා දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (16දා) ඒකමතිකව තීරණය කර ඇත.

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්වාසය බව ද එම පක්ෂය සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරන රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළදී සමගි ජනබලවේගයේ පූර්ණ සහාය ලබාදීමට මෙසේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් මෙම සහයෝගය ලබාදීම කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටී.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment