තන්තිමලේ වැවක ඔරුව පෙරළී ගුරුවරයා සහ සිසුහු 3 ක් මරුට

324

කොක්අඩිචෝලේ පොලිස් වසමේ තන්තිමලේ මීනච්චි අම්මන් හි වැවක ඔරුවක් පෙරළීමෙන් ටියුෂන් ගුරවරයකු හා සා. පෙළ පාසල් සිසුන් තිදෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ඊයේ (12 දා) සවස සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ජෝ කිමෙදන් නමැති ගුරුවරයා හා එස්. දනජන්, ඩී. රහීර්දරන් හා වී. විදාසන් යන සිසුන්ය.

තන්තිමලේ වැවක ඔරුව පෙරළී ගුරුවරයා සහ සිසුහු 3 ක් මරුට

කොක්අඩිචෝලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මළසිරුරු පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂක ටී. තවකුමාර් මහතාගේ නියෝගය පරිදි සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා මඩකලපුව රෝහල වෙත යවා තිබේ.
කාත්තන්කුඩි – සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment