තන්ත‍්‍රයාන බෞද්ධ සම්ප‍්‍රදායෙන් පිළිබිඹු වන ධනාත්මක මනෝවිද්‍යාත්මක ලක්ෂණ

1614

ලොව මිලියන 535ක පමණ පිරිසක් විසින් අදහනු ලබන බුද්ධ ධර්මය වසර 2500කටත් වඩා දිගු ඉතිහාසයක් සහිත ආගමක් මෙන් ම දර්ශනයකි. ක‍්‍රි. පූ. 06 වන සියවසේ දී පමණ භාරතයේ උපත ලද සිද්ධාර්ථ (සිදුහත්) රාජකුමාරයා විසින් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගැනීම ඔස්සේ බුද්ධ ධර්මය නම් වූ ශ්‍රේෂ්ඨතම ධර්මය ලොවට දායාද විය. බුද්ධ කාලය තුළ පිරිසිදු බුද්ධ ධර්ම ලක්ෂණ ආරක්ෂා කරමින් පැවත ආ නමුත් බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිකායික හා සම්ප‍්‍රදායික වශයෙන් බුදු දහමේ අඩංගු කරුණු වෙනස්කම්වලට ලක් විය. මේ අතරින් බෞද්ධ සම්ප‍්‍රදායන් ලෙස බුදු දහම බෙදීමට ලක්වීම ප‍්‍රධාන කොට සැලකිය හැක. මහායාන, හීනයාන, තන්ත‍්‍රයාන ආදී ලෙස ථෙරවාද බුදුදහම හෙවත් පිරිසිදු බුදු දහම වර්ග වන්නට විය. මෙලෙස සිදුවන ලද සම්ප‍්‍රදායික බෙදීම්වලට අනුගත වෙමින් බුදු දහම අදහනු ලබන විශාල බෞද්ධ ජනතාවක් ද වර්තමානය වන විට ලොව තුළ ජීවත් වේ. මෙකී කුමන සම්ප‍්‍රදායක් යටතේ බුදු දහම ඇදහුව ද බෞද්ධ චින්තනයට අනුව අවසන් නිෂ්ඨාව වන්නේ නිර්වාණයයි.

තන්ත‍්‍රයාන බුදු දහම යනු ද එවැනිම වූ තවත් එක් බෞද්ධ සම්ප‍්‍රදායකි. තන්ත‍්‍රයානය යනු පිරිසිදු බුදු දහමට සම්පූර්ණ වශයෙන් පටහැනි හා පිරිසිදු බුදු දහම සම්පූර්ණ වශයෙන් විකෘතියට ලක් කරන ලද බෞද්ධ සම්ප‍්‍රදායකැයි ඇතැමුන් විසින් දැඩි සේ විවේචනයට ලක් කරන ලදී. බෞද්ධ ආගම විකෘති කිරීමකැයි කෙතරම් ව්වේචනවලට ලක් වුවද තන්ත‍්‍රයාන බෞද්ධ සම්ප‍්‍රදාය වනාහි මනෝවිද්‍යාත්මක පද්ධතීන් රැුසක එකතුවක් යැයි ඇගයීමට ලක් කළ හැක. තවත් ලෙසකින් කිවහොත් එහි ඇත්තේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ලක්ෂණයි. ධනාත්මක මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාත්මක ක්ෂේත‍්‍රයේ නව්‍ය නැඹුරුවකැයි කිව හැක. මනෝවිද්‍යාව නම් වූ විෂය තුළ මුල් කාලීනව සිට අධ්‍යයනයට ලක් කරන ලද්දේ මනෝ ව්‍යාධීන් පිළිබඳව හා මනෝව්‍යාධීන් සඳහා ප‍්‍රතිකාරයි. නූතන මනෝවිද්‍යාව වෙත පැමිණීමේ දී මනෝ ව්‍යාධීන් ඇති වීමට පෙර ඒවා වළක්වා ගැනීමට කුමක් කළ යුතු ද යන පැනය ගොඩනඟමින් සිදු කරන ලද මනෝ විද්‍යාත්මක අධ්‍යයනයන් වෙතින් ධනාත්මක මනෝවිද්‍යාව බිහි වේ. ධනාත්මක මනෝවිද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලබන්නේ මාර්ටීන් සෙලිග්මාන් ය. ධනාත්මක මනෝවිද්‍යාත්මක මතය ගෙන එමින් මොහු විසින් කියා සිටින ලද්දේ මනෝවිද්‍යාව විසින් අමතක කර දැමූ මෙහෙවර වන්නේ මානසික යහගුණය වර්ධනය කිරීම බවයි. මානසික ගැටලූවලට හසු වී මානසික රෝගී තත්ත්වයන්ට පත්ව එය සුව කරගැනීමට අනේකවිධ දුක් වි`දිනවාට වඩා මානසික ශක්තිමත්භාවය පවත්වා ගනිමින් මානසික රෝගවලින් ඈත්ව සිටීමට මනෝවිද්‍යාව විසින් නැඹුරු විය යුතු බව ධනාත්මක මනෝවිද්‍යාත්මක අදහස තුළ දක්වා ඇත. කාලීනව මෙම මතය ලොව පුරා ව්‍යාප්තවීමෙන් පසුව මිනිසාගේ සතුට හා මානසික සුවය අරඹයා විවිධ සංකල්ප හා වැඩසටහන් ගොඩනැෙඟන්නට විය.

තන්ත‍්‍රයාන බුදු දහම මනාව අධ්‍යයනය කරන්නෙකුට තන්ත‍්‍රයාන සංකල්පයෙහි අන්තර්ගත ධනාත්මක මනෝවිද්‍යාත්මක ලක්ෂණයන් සොයාගත හැක. තෘප්තකර ක‍්‍රියාකාරී වන ජීවිතය නොහොත් තෘප්තකර ජීවිතය ලෙස ධනාත්මක මනෝවිද්‍යාව තුළ හඳුන්වනු ලබන්නේ මිනිසා තම එදිනෙදා කාර්යයන් සිදු කිරීමේ දී ධනාත්මක සිතිවිලි හා චිත්තවේග ගොඩන`ගා ගනිමින් තම කාර්යන් ඉටු කරගන්නා ආකාරයයි. එහිදී මෙම මොහොතේ අප සිදු කරමින් සිටිනු ලබන කාර්යන් ඉටු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ද අවධානයට ලක් කරයි. එනම් මෙම මොහොතේ අප සිදු කරමින් සිටිනු ලබන කාර්යන් සාධනයෙහිලා අපගේ මානසික යොමු කිරීම අධ්‍යයනය කිරීමයි. මෙකී තෘප්තකර චිත්තවේග හා ආකල්ප ගොඩන`ගා ගනිමින් බුද්ධත්වය කරා යන ගමන සාධනය කරගන්නා ආකාරය තන්ත‍්‍රයානයේ පාරප්ප‍්‍රාප්තිය යන සංකල්පය හරහා ගෙන එයි. තන්ත‍්‍රයානයට අනුව ප‍්‍රාරප්ප‍්‍රාප්තිය යනු අනාගතයේ යම්කිසි තැනක අප එන තුරා බලා සිටින්නා වූ දෙයක් නොවේ. එය මේ මොහොතේ පවතින්නා වූ දෙයකි. තන්ත‍්‍රයානයට අනුව අප මේ මොහොතේ සිට බුදුවරයකු යැයි සිතා අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ යුතු ය. මේ මොහොත සලකා ක‍්‍රියා කිරීමත් අනාගතය සම්බන්ධයෙන් අනවශ්‍ය පීඩනයන්ට යටත්ව ක‍්‍රියා නොකිරීමත් මෙයින් අදහස් කරයි. තවද මේ මොහොතේ තමා බුදු කෙනකු හෝ දෙවි කෙනකු යැයි සිතා ක‍්‍රියා කිරීම තුළ අංග සම්පූර්ණ පුද්ගලයකු වීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මේ මොහොත තුළ දීම අප සතුව පවතින බව යන ධනාත්මක ආකල්පය වර්ධනය කරගැනීමයි. එහිලා ඇති වැදගත්ම කරුණ නම් අප තුළ අවශ්‍ය ශක්තීන් ගැබ්ව ඇති බවට හඳුනාගැනීමේ හැකියාව අප සතු කරගැනීමයි. තාන්ත‍්‍රික දෘෂ්ටි කෝණයෙහි මූලික හරය එයයි. එයින් පුද්ගලයකු ලෙස තමා සතු වටිනාකම් හා ශක්තීන් තමා විසින් ම හඳුනාගැනීම තුළ ධනාත්මක ස්වයං විවරණයක් ගොඩන`ගා ගනියි. මෙය එක් අතකින් තමා තුළ ඇති ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය ලෙස ද විස්තර කළ හැක. තමා පිළිබඳ විශ්වාසයෙන් පසුවන්නකු තුළ ඇත්තේ නොබි`දිය හැකි මානසික ශක්තියකි. තාන්ත‍්‍රික දෘෂ්ටි කෝණය අනුව පුද්ගලයකු තුළ තමා පිළිබඳ ගොඩනැ`ගිය යුතු ධනාත්මක මානසික ආකල්පයන් මෙලෙස ගොඩනඟයි.

මිනිසා තම ජීවත කාලය පුරාවටම සතුට පසුපස ලූහු බඳියි. අපගේ සියලූ ආශාවන් පසුපස ඇත්තේ ද සතුටට පත්වීමේ ඇති අපේක්ෂාවයි. නිවන, සත්‍යය අවබෝධය ඔස්සේ ද අප විසින් බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික සතුට හා ආධ්‍යාත්මික සැපයයි. නිර්වාණය නම් වූ උතුම් සතුට ලබාගනු වස් ජීවිතයේ ඇති ලෞකික සතුට සීමා කිරීම හෝ සතුටට බාධා පැමිණවීම තන්ත‍්‍රයාන බුදු දහම තුළ අනුමත නොකරයි. ප‍්‍රීතිය හා සැපය යන දේවල්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට වඩා අපගේ ප‍්‍රීතියෙහි හා සතුටෙහි ඇති ශක්තීන් අපගේ ආධ්‍යාත්මික මාර්ගය එළිපෙහෙළි කිරීමෙහිලා යොදාගත හැකි බවයි.

”මනසෙහි ඇත්තා වූ ලක්ෂණ වර්ධනය කළ විට ඒවායින් ජනිත වන්නේ ඒවාට සමාන වූ දෙයක් මිස ඒවාට ප‍්‍රතිවිරුද්ධ වූ දෙයක් නොවේ’’ යන තර්කය මෙම තන්ත‍්‍රයාන අදහස ගෙනහැර දැක්වීමෙහිලා ඩබ්ලිව්. එම්. ගුණතිලක මහතා හා ගුණපාල ධර්මසිරි මහතා විසින් පරිවර්තනය කරන ලද තන්ත‍්‍රයානයට හැඳින්වීමක් නම් කෘතියෙහි දැක්වේ. මෙලෙස සතුට හා සැපත යන දේවල් තුළින් සම්පූර්ණ වශයෙන් ඉවත් වීමෙන් අතෘප්තිය යන්න තෘප්තිය යන්න බවට කෙලෙසකවත් නොපෙරලෙන බව තන්ත‍්‍රයානය තුළ තවදුරටත් කියා සිටියි. සිතෙහි පවත්නා අදහස් හා හැඟීම් ධනාත්මක වන තරමට ඉන් ලැබෙන්නා වූ තෘප්තිය අතිමහත් බව දක්වයි. අනාගතයේදී ශාන්තිය තෘප්තිය ලබා ගැනීමට නම් මේ මොහොතේ දී අපගේ සිතෙහි යම් තරමක හෝ ශාන්තියක් හෝ තෘප්තියක් පැවතිය යුතු වේ. මෙයින් වඩාත් ඉස්මතු කරනුයේ මෙම මොහොතේ දී අපගේ සිතෙහි පවත්නා සතුටෙහි ඇති වැදගත්කමයි. සිතෙහි පවත්නා සතුට ඔස්සේ මිනිසා නිරන්තරයෙන් මෙහෙයවනු ලබන්නේ ධනාත්මක චිත්තවේගයන් හා හැඟීම් වෙත ය. මෙය පරිවර්තන මූලධර්මයෙහි එන ධනාත්මක මනෝවිද්‍යාත්මක ලක්ෂණ වෙත ප‍්‍රවේශය ලබාදෙයි.

තන්ත‍්‍රයානය තුළ තවත් පැහැදිලි ලෙස දක්වා සිටින්නේ පුද්ගලයා සතු ආශාවන් හා සතුට ප‍්‍රතික්ෂේප කිරීම තුළ පුද්ගලයාගේ ඇති සරල මනුෂ්‍යත්වය ද නිශේධනය කරන බවයි. බොහෝමයක් මිනිසුන් හට තමා අදහනු ලබන ආගම එපා වීමට බලපානු ලබන හේතුවක් ලෙස ද මෙය ගෙනහැර දක්වයි. අනෙක් අතට ආගමක් විසින් මෙවැනි දැඩි මර්දනකාරී ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම ද මූලික මිනිස් ස්වභාවයන් මර්දනය කරමින් පුද්ගලයා ආතතිමය තත්ත්වයක් වෙත ලක් කිරීමක් බ`දු ය. මේ ආදී වූ කරුණු සලකා බලා ආගමක් විසින් මිනිස් යහ මානසිකත්වය න`ගාසිටුවීමෙහිලා කළ යුතු කාර්යභාරය තන්ත‍්‍රයානය තුළ මනාව ඉටුකරයි. බටහිර මනෝවිද්‍යාව තුළ දක්වා සිටින ආකාරයට සෑම පුද්ගලයකුම උපතින්ම රැුගෙන එන්නා වූ පුද්ගල චරිත ස්වභාවයන් හා පුද්ගල මනෝභාවයන් පවතියි. ඒ ඒ පුද්ගල ස්වභාවය මත මිනිසා සතුට හා ආශාවන් අත්දැකීමේ විවිධ මට්ටම් පවතියි. එමෙන්ම එම පුද්ගලයාගේ පෞරුෂ පාලනය කරගැනීමට පුද්ගලයාට ඇති හැකියාව ද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්වෙයි. එලෙස පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම පවතින ගති ලක්ෂණයන් ඉතාමත් මර්දනකාරී ලෙස පාලනය කිරීම පුද්ගල මානසිකත්වය කෙරෙහි ඉතාමත් අහිතකර අන්දමින් බලපෑම් ඇති කළ හැක. ආගමක් තුළින් එවැනි බලපෑම් එල්ලවීම තන්ත‍්‍රයානයේ දී ප‍්‍රතික්ෂේප කරයි. එයට විකල්ප ලෙස තන්ත‍්‍රයානය තුළ ගෙන එන්නේ පුද්ගල ආශාව හා සතුට තුළ ඇති ශක්තීන් ප‍්‍රයෝජනයට ගැනීමයි. එක් අතකින් මෙය පුද්ගලයා පිළිබඳ සාංදෘෂ්ටිකවාදී අර්ථකථන ද ගෙන එයි.

තන්ත‍්‍රයානය තුළ ඉදිරිපත් කරනු ලබන තවත් සංකල්පයක් වන්නේ පරිපූර්ණත්වය පිළිබඳ ප‍්‍රතිරූපයයි. මින් කියා සිටින්නේ මිනිසකු ලෙස අප තුළ සැඟව පවත්නා වූ විශ්ව ශක්තීන්ගේ එකතුව සම්බන්ධවයි. සෑම පිරිමියකු සතුවම ස්ත‍්‍රී හා පුරුෂමය ශක්ති බලවේගයන් තිබෙන බවත් සෑම කාන්තාවක සතුවම ස්ත‍්‍රී මෙන්ම පුරුෂමය ශක්තීන් ගැබ්ව ඇති බවත් තන්ත‍්‍රයානය තුළ දක්වයි. බොහෝවිට කාන්තාවන් විසින් තමා සතුව ඇති පුරුෂ ශක්තීන් සැඟවීමත් පිරිමින් විසින් තමා සතුව ඇති ස්ත‍්‍රී ශක්තීන් සැඟවීමකත් සිදු කරන බව තන්ත‍්‍රයානය තුළ දක්වයි. එදිනෙදා සමාජය හා ගැටීමේ දී සමාජමය බලපෑම් හේතු කොට ගනිමින් බොහෝ දෙනකු විසින් මෙලෙස ක‍්‍රියාකරන බවට ඉතාමත් පැහැදිලි ය. අප තුළ නිරායාසයෙන් හටගනු ලබන මෙවැනි ශක්තීන් අප විසින් වාරණය කිරීම එක් අතකින් පුද්ගලයා සමාජමය ක‍්‍රියාකාරීත්වය තුළ ආතතියකට ලක් කරනු ලබයි. මෙලෙස තමා සතුව පවත්නා වූ ශක්තීන් හා වටිනාකම්වලින් ඈත්ව සිටීමෙන් අප තුළ යම් අසම්පූර්ණභාවයක් දැකීමත් සිදු වේ. මිනිසුන් තම අසම්පූර්ණතා සම්පූර්ණ කරනු වස් වෙනත් පුද්ගලයන් වෙත නැඹුරුවීම ඔස්සේ ප‍්‍රශ්න හා ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ දීමත් සිදුවන බව තන්ත‍්‍රයානය තුළ තවදුරටත් දක්වයි. මෙලෙස පුද්ගලික කාංසාවේ සිට ලෝක යුද්ධයක් දක්වා වුවත් ගමන් කිරීමේ හැකියාවක් මෙකී පුද්ගලයා තුළ පවත්නා අසම්පූර්ණත්වය පිළිබඳ හැඟීම වර්ධනය වන බව එහි තවදුරටත් දක්වයි. තවද මිනිසා විසින් හුදකලාබවෙහි වේදනා ලබමින් මානසික ආතතියේ සිට සිය දිවි නසාගැනීම දක්වා ගමන් කරනුයේ ද මෙකී තමා තුළ ඇති ශක්තීන් සම්බන්ධව අවබෝධ නොකරගන්නා හෙයිනි.

ධනාත්මක මනෝවිද්‍යාව තුළ ශක්තිමත් බව හා පුළුල් බව වර්ධනය කිරීම සම්බන්ධව ගෙනෙන මතය ද තන්ත‍්‍රයානය තුළ ගොඩනඟනු ලබන පරිපූර්ණත්වය පිළිබඳ මතය හා සමපාත වෙයි. ශක්තිමත් බව හා පුළුල් බව වර්ධනය සම්බන්ධයෙන් Barbara Fredrickson විසින් පර්යේෂණ සිදු කර ඇත. ඔහු විසින් තෝරාගත් පුද්ගලයන් පිරිසකට තෘප්තකර බව හා සතුට ජනනය කරනු ලබන චිත‍්‍රපට බැලීමට සලස්වන ලදී. එම පිරිසටම වරින් වර මෙවැනි කිසිදු චිත්වේගයක් ජනනය නොවන චිත‍්‍රපට බැලීමට ද සලස්වන ලදී. එම පිරිස අතරින් ධනාත්මක චිත්තවේග වර්ධනය වන සුළු චිත‍්‍රපට නරඹන ලද පිරිස ගවේශනශීලී බව නිර්මාණාත්මක බව ආදී හැකියාවන් වලින් යුක්ත වූ බව පැහැදිලි වී ඇත. මෙයින් මනාව ගම්‍යමාන වන්නේ චිත්තවේගවල ඇති වැදගත්භාවයයි. ධනාත්මක චිත්තවේග පුද්ගලයා තුළ නව හැකියාවන් ජනනය කිරීමට පවා සමත් ය. තන්ත‍්‍රයානය තුළ එන පරිපූර්ණත්වය පිළිබඳ ප‍්‍රතිරූපයෙන් කතාබහට ලක් කරනුයේ පරමාර්ථමය වශයෙන් තෘප්තිමත් බවක් ගොඩනඟා ගනිමින් ධනාත්මක චිත්තවේග පවත්වා ගැනීමට අදාළ ක‍්‍රියාවලිය සිදු කරනු ලබන ආකාරයයි. තවද මෙයින් පුද්ගල පරිපූර්ණත්වය ගොඩන`ගා ගැනීමේ ඇති වැදගත්කම හා පරිපූර්ණත්වය පිළිබඳ අදහස් රහිත පුද්ගලයා විසින් සෘණාත්මක චිත්තවේග ගොඩන`ගා ගනු ලබන ආකාරය සම්බන්ධයෙන් ද අවධානයට ලක් කරයි. තන්ත‍්‍රයානය තුළ කියා සිටින ආකාරයට මිනිසා විසින් විවිධ වස්තූන් සිතින් දැඩිව ග‍්‍රහණය කරගනිමින් දුකට පත් වන්නේ තමා තුළ ඇති පරිපූර්ණත්වය පිළිබඳ ඔහු හෝ ඇයට දැනීමක් නොමැති හෙයිනි. පුරුෂයකු විසින් ස්ත‍්‍රියක් වෙතත් ස්ති‍්‍රයක් විසින් පුරුෂයකු වෙතත් ඇලෙනුයේ ඔවුනොවුන් තුළ ඇති ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ ලක්ෂණ පිළිබඳ දැනීමක් නොමැති හෙයිනි. සරලව කිවහොත් පුරුෂයකු විසින් තම සිත්ගත් කාන්තාවක් වෙත ඇලෙන්නේ තමා තුළ නොමැති යැයි සිතන කාන්තා ශක්තීන් ඌණ පූර්ණය කරගැනීමක් ලෙසිනි. තන්ත‍්‍රයානය තුළ දක්වනු ලබන මෙම සංකල්පය තා ඕ ධර්මය තුළ එන යිං – යැං සංකල්පය හා සමාන වූවකි. යිං යැං සංකල්පය තුළ කියා සිටින්නේ ලෝකය ක‍්‍රියාත්මක වන්නේ පුරුෂ හා ස්ත‍්‍රී ශක්ති බලවේගයන්ගෙන් බවයි. තන්ත‍්‍රයානය තුළ ද කියා සිටින්නේ අප සෑම කෙනකු තුළ ම ස්ත‍්‍රී හා පුරුෂ බලවේග ක‍්‍රියාත්මක බවත් කළ යුත්තේ ඒවාගේ ශක්තීන් හ`දුනා ගනිමින් ප‍්‍රයෝජන ගැනීම මිස ඒවා සැඟවීම නොවන බවයි. මේ තුළින් ගොඩනැ`ගීමට බලාපොරොත්තු වන්නේ ආත්මාභිමානයි. තමා පිළිබඳ තෘප්තකර බවයි.

තන්ත‍්‍රයානය පිරිවරාගත් මේ ආකාර වූ මනෝවිද්‍යාත්මක වටිනාකම් රැසකි. එය සම්ප‍්‍රදායික බෞද්ධ චින්තයෙන් බොහෝ ඈතක පවතින බව සැබෑවකි. නමුත් එහි එන කාලෝචිත අදහස් අන්තර්ගතයන් ඉතාමත් සන්නද්ධ ඒවා ය. මේ හෙයින් තන්ත‍්‍රයානය යනු නිර්මල බුදු දහම විනාශ මුඛයෙහිලා පැන න`ගින ලද බෞද්ධ සම්ප‍්‍රදායකැයි විවේචනයන් එල්ල කරීම කොතෙකුත් දුරට සාධාරණ ද යන වග සිතා බැලීම නොවටින්නේ ද?

ඒ. එම්. රසංගනී මධුෂිකා සෙනෙවිරත්න
මානව ශාස්ත‍්‍ර හා සාමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පේරාදෙණි විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment