තනියම මරණ බයේ කාමරයේ හැංගී සිටියා – ගීතා කුමාරසිංහ

1054

රනිල් බලයට ආවේ රාජපක්‍ෂ ප්‍රශ්න විසඳන්නයි – චමින්ද විජේසිරි (සජබ)

ගෝල්ෆේස් අරගලයට ප්‍රහාරය එල්ල වෙනවාත් සමගම රටපුරා ගිනි තැබීම් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිසට වඩා ඔවුන් ක්‍රියාත්මක කළ තියුණු සැලැස්ම සකස් කළ හා ඒ පිටුපස සිටි පිරිස ගැඹුරින් පරීක්ෂා කර සොයා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (20 දා) පෙරවරු 10.00 ට රැස්විය.

ප්‍රථමයෙන් නිවේදන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව රට තුළ පසුගිය 09 වැනිදා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය සිව්වන දිනටත් ආරම්භ කෙරිණ.

පත් කළ මන්ත්‍රී අලි සබ්රි මහතා

රටේ විශාලතම අර්බුදය දැන් පවතින්නේ. එළියේ ඉන්න අය ප්‍රශ්නවලින් මිරිකෙනවා. මෙයින් එළියට එන්න ආර්ථිකයේ වෙනසක් විය යුතුමයි.

ඇත්ත මිනිසුන්ට කියන්න ඕන. අපි සත පහක් වංචා කර නැහැ. මම ධුරය භාර ගන්න පෙර ආදායම් බදු ගෙවා තිබෙනවා. මට අවශ්‍ය රටට සේවයක් කරන්න. ගිනි තිබ්බාම ප්‍රශ්න විසඳෙනවාද? අපට ආදායම ලැබෙන ක්‍ෂේත්‍ර තුනම වැහිලා. සංචාරක ක්‍ෂේත්‍රයෙන් ඩොලර් බිලියන හතරහමාරක ආදායම ලැබුණා. විදෙස් ශ්‍රමිකයන්ගේ ආදායම නැති වුණා.

බිලියන 51 ක් ගෙවිය යුතුයි. අයි. එම්. එෆ්. සාකච්ඡා සාර්ථකයි. මූල්‍ය හා නීති උපදේශකවරුන් පත් කිරීම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනවා. වසර තුනක් ඇතුළත ඩොලර් බිලියන තුනහමාරක් පමණ ලැබෙයි. එතකං පවතින වියදම් සොයා ගත යුතුයි. ඊළඟ මාස 6, 9, 2 ඉතා අමාරුම කාලයක්. තවදුරටත් ඇවිළෙන ගින්නට පිදුරු දාන්නෙ නැතිව ප්‍රශ්නවලට විසඳුම් දීමට උදව් කරන්න.

සමහර නීතිඥවරු අලි සබ්රිගෙ, රහීම්ගෙ ගේ ගිනි ගන්නා විට එය හුවමාරු කරගෙන සතුටු වුණා. තිරිසන් සමාජයක අපි ඉන්නේ. මේ ප්‍රශ්නවලට රටේ හැම මිනිහම වගකියන්න ඕන. තමන්ගේ රාජකාරිය හරියට කරනවාද? නැහැ. බොරුව නැවැත්විය යුතුයි. තමන්ගේ යුතුකම ඉටු කරනවාද? හැම මිනිහාම තමා ගැන හරි තක්සේරුවක් ලබා ගන්න, රට වෙනුවෙන් මම අවංකවම කටයුතු කරනවාද කියලා.

මට දේශපාලන සංස්කෘතිය ගැන තියෙන්නේ කලකිරීමක්. පමා වෙලා හරි සියලු දෙනා එක්ව රට ගොඩ දාන්න.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ආණ්ඩුවට එකතු වීම අපගේ තීරණය නොවෙයි. විපක්ෂයේ සිට ධනාත්මකව උදව් දෙන්වා. අපෙන් ගිය අයට එරෙහිව පියවර ගන්නවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

සජීවිව පාර්ලිමේන්තුව විකාශය කිරීමේදී පළමු පැයේදී සිදුවන දේ ගැන ජනතාව කලකිරිලා. වහාම ඒ වෙලාව ගැන තදින් ක්‍රියා කරන්න. මේ සති හතර තුළ පාර්ලිමේන්තුවේ වැදගත් දේ සිදු වී නැහැ.

සඳුදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගමු.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

අපට ඉදිරියේදී ණය ගන්න බැරි වේවි. අපි මේ ගැන ජනතාව දැනුවත් කර ඔවුන් සමග මේ ගමන යා යුතුයි.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ

තනියම මරණ බයේ කාමරයේ හැංගී සිටියා -  ගීතා කුමාරසිංහ

දැන් කුඹුරු වපුරන්න පටන් අරගෙන. ඉන්දියාවෙන් පොහොර ලැබෙනවා කිව්වා. ඒවා ලැබෙන දින වකවානු ගැන සභාව දැනුවත් කරන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ)

අද රට ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා. ගෝල්ෆේස් පහරදීමට අදාළ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්විය යුතුයි. ඒ වගේම හවස ඇති වූ ගිනි තැබීම්වලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න.

සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන

තනියම මරණ බයේ කාමරයේ හැංගී සිටියා -  ගීතා කුමාරසිංහ

ජනාධිපතිතුමාගේ නිවස වටලපු වෙලාවෙත් එය වැළැක්වීමට අවම ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ආරක්ෂක කටයුතු අඩාල වීම ගැන කනගාටු වෙනවා.

ගෑස්, ලයිට් නැතිව ජනතාව එළියට බැහැලා හිටියේ. අපි මේ ගැන ආණ්ඩුවට කිව්වා. ජනතාවගේ වේදනාව වර්ධනය වීම ගැන කිව්වා. තෙල් ප්‍රශ්නයත් හරියාකාරව විසඳගන්න බැරි වුණා. විදේශ විනිමය හිඟය වැළැක්වීමට හරියාකාරව පියවර ගත්තා ද කියලා ප්‍රශ්නයක්. හේතුවට විසඳුම් නොදී දකින දේට විසඳුම් දීලා වැඩක් නැහැ. ජනතාවගේ දිගින් දිගටම පැවැති කලකිරීම් 9 දා පුපුරා ගියා.

තරුණ පරම්පරාව ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ලෙස බල කරනවා. ඉහළින් සිටිය අපට ඒවා පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ වෙනස්වීම් සිදු වුණා. එය අර්බුදය තවත් උත්සන්න කළා.

වසර සියයකට වඩා පැරණි මගේ නිවසේ තිබූ පුස්තකාලය විනාශ කළා. මොකක්ද මේ සංස්කෘතිය මගේ ගෙදරට ඇතුළු වූ පිරිස ඊට පෙරත් ආවා. පොලිසිය දන්නවා. සැලැස්මක් ඇතිව සිදු වූ දේවල් අපි ඒ ගැන නොසොයා ගිනි තියපු පුද්ගලයන් පමණක් අල්ලලා වැඩක් නැහැ. තියුණු සැලැස්ම හදපු අය, ඒ පිටුපස ඇති අය, සොයා බලා පියවර ගත යුතුයි. මේ ගැන

ගැඹුරෙන් හෙව්වේ නැත්නම් සැබෑ තත්ත්වය අනාවරණය කරන්න බැහැ.

ගමේ අය නොවෙයි පිටින් ආපු අය සැලසුම් සහගතව ක්‍රියා කළේ.

අපේ කරින් ගෙනියන්න බැරි තරමට වියදම් සිදු කර තිබෙනවා. ආදායම ඊට සරිලන්නේ නැහැ. අපි වහා මේ ගැන සිතා බලමු.

අපට අද දක්වා ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැහැ. අනවශ්‍ය ලෙස පාවිච්චි කරනවා. ලන්ඩන් ගියොත් අපේ මන්ත්‍රීවරු යන්නේ පොදු ප්‍රවාහනවල. ඇයි අපට මේවා කර ඉතිරි කරන්න බැරි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමනික්කම් (දෙ. ජා. ස.)

ගෝල්ෆේස් ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. මේ ප්‍රහාරවලට මුල ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු. මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දුන්නේ හොරකම් කරලා හදපු නිසා නොවෙයි. ජනතාව වෙනුවෙන් කතා කරන්න එව්වේ. පසුගිය කාලයේ ඒ වගකීම ඉෂ්ට නොකරපු නිසයි පහර දුන්නේ. පොදුජන පෙරමුණ ආරක්ෂා කරන්න නොවෙයි ඔවුන්ට ඡන්දය දුන්නේ.

ජනතාවගේ ප්‍රශ්න කතා කරන මන්ත්‍රීවරුන් කාටවත් ගහලා නෑ. ජනමතය පාවාදීම ප්‍රහාරයට මුල.

අද රනිල් වික්‍රමසිංහ අගමැති. අරගලය වගේම ලංකාවේ සියලු ජනතාව පාවා දුන්නා. ජනාධිපති යන්න හිටියේ. අගමැති මැදිහත් වී එය වැළැක්වූවා. තනතුර ගත්තේ රාජපක්‍ෂ පරපුර බේරා ගන්න. රාජපක්‍ෂ පවුලත් එක්ක දාපු ඩීල් ඒක වහාම රටට හෙළි කරන්න.

රනිල් බලයට ආවේ රාජපක්‍ෂ ප්‍රශ්න විසඳන්නයි – චමින්ද විජේසිරි (සජබ)

බංකරයක හැංගී හිටිය ජනපතිට එළියට එන්න දුන්නා. නාවික හමුදා බංකරේ සිටිය නාමල් මහින්දට එළියට එන්න දුන්නා. බැසිල් රාජපක්‍ෂව පක්ෂය සමග යවනවා කියලා පෙන්වා දුන්නා.

අගමැතිතුමා ගෝඨාගෝගම බෙදන්න සියලු පියවර අරන්.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමත් තව සතියක් දෙකක් යන විට දෙන්න බැරි වෙනවා කියලා අගමැති කිව්වා. ජනතාව දුක්ඛිත තත්ත්වයෙන් බේරා ගැනීමට එක් වෙලා කටයුතු කළ යුතුයි. ජනතාව බේරාගැනීමට තවම සියලු දෙනාට එක මතයකට එන්න බැරි වෙලා. පොහොර දෙනවා කිව්වත් තවම ලැබිලා නෑ. කුඹුරු සීසාන මැෂින්වලට ඩීසල් නෑ. ඖෂධ හා ආහාර ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුතුයි. ආහාර වගා කරමු කියනවා. මේවා කරන්න මූලිකව පොහොර අවශ්‍යයි. වගා භූමි හාන මැෂින්වලට තෙල් අවශ්‍යයි. ඒ දෙක නැතිව කිසිවක් කරන්න බැහැ. ඒ ගැන වහා වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. මේවා විසඳන්න සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පත් කරන්න කීවත් දැන් තියෙන්නේ වෙනම ජාතියේ ආණ්ඩුවක්. අපේ මන්ත්‍රීවරු කීපදෙනෙක් ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්නා. පක්‍ෂයේ නීතියට පටහැනිවයි කළේ. අපි ආණ්ඩුවට යන්න තීරණය කළේ නැහැ. ජනතාවට අවශ්‍ය දේ දුන්නේ නැත්නම් ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙනවා. මේවා විසඳන්න අපේ සහාය ලබා දෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ

කොළඹ සිද්ධිය වන විටම මුළු රටේම පොලු අරගෙන ගිනි තියන සංස්කෘතියක් ඇති වුණේ කිසියම් සැලැස්මක් අනුවයි. ඒ වගේ දෙයක් වුණේ 88- 89 කාලයේ. එදා සිදු වුණේ රාත්‍රි කාලයේ, අද වුණේ මහ දවල්. මහජන නියෝජිතයන් ඉලක්ක කරගත් විරෝධයක් ඇති කරලා. සමාජ මාධ්‍යවල අසත්පුරුෂ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. සමහර මාධ්‍ය එදා අමරකීර්ති මෛත්‍රීවරයා සිය දිවි නසා ගත්තා කියලා කිව්වා. මාධ්‍ය හැසිරීම සදාචාරය ගිලිහුණු අවස්ථාවක් ලෙස අපි 9 දා දකිනවා. වගකීමෙන් කටයුතු කර නැහැ.

මේ රටේ විශ්වවිiාල තරුණයෝ කුලී හමුදාවක් බවට සමහර දේපාලන පක්‍ෂ යොදාගෙන. මෙය අනාගතයට හොඳ දෙයක් නොවෙයි.

ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග,

අපේ ආණ්ඩුව මුදල් නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කර තියෙන්නේ. සිදු වූ වැරදිවලට දඩුවම් දිය යුතුයි. දැන්වත් එකතුවෙලා වැඩ කරමු. රට භාරගන්න කිව්වම සමහර නායකයන් කොන්දේසි දැම්මා. රනිල් වික්‍රමසිංහ පමණයි රට භාර ගන්න ඉදිරියට ආවේ.

මන්ත්‍රීවරුන්ට ගහලා තම අරමුණු ඉටුකරගන්න සමහර පක්‍ෂ කටයුතු කරමින් ඉන්නවා.

එදා යුද්ධය ජයග්‍රහණය කරන්න කරූ ජයසූරිය මහතා මන්ත්‍රීවරුන් 17ක් එක්ක ඇවිත් සහාය දුන්නා. අදත් මේ අර්බුදය ජය ගන්න විපක්‍ෂය ඇවිත් සහය දෙන්න. අපි ඇමතිකම් වුවත් දෙන්න සුදානම්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ)

හීනත් එක්ක ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත විනාශ කරපු නිසයි රාජපක්‍ෂවරුන්ට එරෙහිව නැඟිට්ටේ. ජනතා විරෝධය නැති කරන්නනම් ආණ්ඩුව වෙනස් විය යුතුයි.

නීතිඥ සංගමයේ යෝජනාවලට පිටින් ගිහින් ඇමැතිවරු 25 ක් පත් කරන්න යනවා. රාජ්‍ය ඇමැතිවරු 25 ක් පත් කරන්න යනවා. සමහර රාජ්‍ය ඇමැතිවරු කරපු දෙයක් නැහැ. 225 ටම මිනිස්සු බනිනවා. ඒ අතරේ අමාරුවෙන් නැඟිටපු අවංක අය ඉන්නවා.

ඇත්ත සර්වපාක්‍ෂික ආණ්ඩුව හැදුවා නම් පෙළපාලි රටේ නැහැ. රාජපක්‍ෂවරු නැහැ කියලා ආණ්ඩුවම කල්දානවා. රනිල් නොවෙයි කවුරු ආවත් රාජපක්‍ෂලා සිටින තෙක් ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ප්‍රශ්නය විසඳන්නත් බැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

අමරකීර්ති මන්ත්‍රීවරයාට තට්ටු 4 ක් උස බිල්ඩිමක උඩ සිට ගහලා පඩිපෙළ දිගේ ඇදගෙන ඇවිත් මරල තියෙන්නේ. ඉතා අමානුෂිකයි.

පහරදීම් ගිනි තැබීම් කළ පිරිස අතර ජවිපෙ නාගරික මන්ත්‍රීවරු 8 ක්, සජබ මන්ත්‍රීවරු 4 ක්, අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රබලයන් ඉන්නවා. වහාම පරීක්‍ෂණ පවත්වන්න.

මේ රටේ නායකයාගේ සමුගැනීම අපේ පක්‍ෂයේ අදෘශ්‍යමාන බලවේගයක් විසින් ගෞරවනීය සමුගැනීම නැති කළා.

අපිට මිනිස්සුන්ට ඕන දේවල් දෙන්න බැරිනම් දේශපාලනය කරලා වැඩක් නැහැ. අපි ආණ්ඩුව අතුළේ සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යමු කිව්වාම බීරි අලි වගේ හිටියා. අවසානාවන්ත තත්ත්වයට පත් කළ සියලුදෙනාට එරෙහිව පරීක්‍ෂණ පවත්වන්න. වෙනම කමිටුවක් පාර්ලිමේන්තුවේ පත් කරන්න.

ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා කරපු අයට වැලි ඇටයකින්වත් කරදර කළේ නැහැ. ඒ ගෞරවය අපේ කණ්ඩායමක් විනාශ කළා. ආර්ථිකය

ගොඩනඟන්න ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

තනියම මරණ බයේ කාමරයේ හැංගී සිටියා -  ගීතා කුමාරසිංහ

අද ජනතාව තෙල්, ගෑස් නැතිව පෝලිම්වල ඉන්නවා. කිසිම විසඳුමක් නැහැ. කැබිනට් එකත් පරණ කැබිනට් එකමයි. ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් දීමට ආණ්ඩුවට බැරි වෙලා. ඒ නිසා ජනතාවගේ විරෝධය නැති වෙන්නේ නැහැ. අගමැතිට යහපාලන කාලයේදී ජාත්‍යන්තර සහය අරන් රට හදන්න තිබුණානේ. බොරු විතරයි කියන්නේ. දින

4 ක් පාර්ලිමේන්තුව රැස්වුවත් ජනතා ප්‍රශ්න කතා කරන්නේ නෑ.

මිරිහානේ සිද්ධියට අපි සම්බන්ධයි කිව්වත් කවුරුවත් හිටි බවට ඔප්පු කරගන්න බැරි වුණා.

ප්‍රහාරයට ජවිපෙ මන්ත්‍රීවරු සම්බන්ධ බවට කිව්වත් ඒවා බොරු. කිසිම මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන නැහැ. සියලු මන්ත්‍රීවරු ගෙවල්වල. අත්අඩංගුවට ගත් අයගේ දේශපාලන පරිසරය ගැන හොයලා නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ

මගේ බෙන්තර නිවසට සීයක් විතර ඇවිත් පහර දුන්නා. තනි ගැහැනියක් හිටපු නිවසක්. සී සී ටී වී වල සියල්ල සඳහන් වෙලා තියෙනවා. ජවිපෙ සජබ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු සමාජ මාධ්‍යවල පෝස්ට් දාලා මිනිස්සු එකතු කළා.

දශක 4කට වැඩි කාලයක් සිනමාවේ සිටිමින් ලබාගත් සම්මාන පොළොවේ ගහලා කුඩු කරලා. ස්විට්සර්ලන්ත පරවැසිභාවය ඉවත් කරගෙන බෙන්තර පදිංචි වුණේ මිනිස්සු වෙනුවෙන්. තනියෙන් කාමරයක වෙවුල වෙවුල හිටියේ. මරණ බිය ඇති කළා. ගේ කඩන්න ආපු කවුරුත් ඉපදිලාවත් නැහැ මම සිනමාවට එන විට. මම දේශපාලනයෙන් සමුගත යුතු කියලා මම හිතන්නේ. අමනුෂ්‍යයන් ඉදිරියේ දේශපාලනය කිරීම ඉතා අසීරුයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ)

අපි ඉන්න ආණ්ඩුවේ වැරදිවලට අපට වන්දි ගෙවන්න සිදුවන බවයි ප්‍රහාරයෙන් පෙනී යන්නේ. මටත් ඒ දේ අදාළ වේවි. බැසිල් රාජපක්‍ෂ මහතා තමන්ගේ අරමුණු

ඉටුකරගැනීමට ඕනෑම දෙයක් කරනවා.

රනිල් වික්‍රමසිංහ බලයට ආවේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නොවෙයි රාජපක්‍ෂ ප්‍රශ්න විසඳන්නයි. සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න හුස්ම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ජනතාවට හුස්මක් වෙන්නෙ සජිත් ප්‍රේමදාසයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (පොජපෙ)

මගේ ගෙදර ගිනි තියන්න මුලින්ම දොර කැඩුවේ සජබ මන්ත්‍රීවරුන්. ඒ වගේම තෙල් කෑන් එක අරන් ගිනි තියන්න ආවේ හිමිනමක්. බුදුහාමුදුරුවන්ට

නිගාකරනවා. මගේ ගෙට ගහන්න මීට පෙරත් දෙවතාවක් ආවා.

අපි දේශපාලන වශයෙන් මේතාක් කාලයක් කිසිම හානියක් කිසි කෙනකුට කරලා නැහැ. මට ගහන්න ආවේ මම හදාපු කාපට් පාරවල්වල. ගෙදර බඩුත් මංකොල්ලකෑවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ)

අමරකීර්ති මන්ත්‍රීවරයා මියගියේ ත්‍රස්තවාදීන් අතින් ලෙස බවයි පෙනී ගියේ. මෙය ලංකාවේ ද කියා හිතා ගන්න බැරි වුණා.

අපිට ගෝඨාභය ජනපති ඉදිරිපිට ඇඳුමක් ඇඳගෙන දිවුරුම් දෙන්න බැහැ. ජනතාව අපිව පත් කළේ විපක්‍ෂයේ කාර්ය කරන්න. ආණ්ඩු කරන්න නොවෙයි. විපක්‍ෂයේ සිටිමින් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා නැංවීමට සහාය අපි දෙන්න සූදානම්.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත (ශ්‍රීලපොපෙ)

ආණ්ඩුව හා විපක්‍ෂය ඉතා වගකීමෙන් මෙවැනි මොහොතක කටයුතු කළ යුතුයි. සමහර ප්‍රකාශ ජනතාවගේ විරෝධයට ලක්වෙන්න පුළුවන්.

ගෝල්ෆේස් සිද්ධිය සාධාරණීකරණය කරන අයත් ඉන්නවා. ගෙවල් ගිනි තියපුවා සමහරු සාධාරණීකරණය කරනවා. එහෙම කරන්න කාටවත් බැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ (සජබ)

මේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොවෙයි, තමන්ගේ දුක කියා ගන්න. සමාජයේ අහිංසක මිනිස්සුන්ගේ දුක ගැන කතා කරන්නේ නැහැ. මේ ඛේදවාචකය ආරම්භ කරපු කෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

අහිංසක මිනිස්සු උසිගන්වලා අරගල භූමියට යැවුවා. හරිනම් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මුලින්ම සීඅයිඩීය ප්‍රකාශයක් ගත යුතුයි.

පාර්ලිමේන්තුව ලබන ජුනි මස 07 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතයි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment