තනි නොතනියට රැගෙන යන පවසා දාහතර හැවිරිදි දැරිය ගණිකා සේවයේ යොදවලා

897

ඥාති සොයුරිය සහ මුදලට ගත් පුද්ගලයා අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් දීර්ඝ කාලයක සිට මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

දැරිය රෝහල් ගත කර ඇත. බාලවයස්කාර දැරියගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන්හට මුදලට අලෙවි කරන බවට මරදාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි සැකකාරිය දැරියගේ නිවසට පැමිණ ඇයගේ

තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. ඒ අයුරින් දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන්හට මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි. සැකකාරිය දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය. සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි. දැරිය ලබා දී තිබෙන ප‍්‍රකාශ අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය මරදාන පොලිසියේ

ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment