තප්පර 10 බාධකය කැඩූ ලොව පළමු පුද්ගලයා ජීවන ගමන නිමා කරයි

976

මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10 කට අඩුවෙන් නිම කළ පළමු මිනිසා සිය ජීවන ගමන ඊයේ (06 වැනිදා) නිමකර ඇත. ඇමරිකාවේ සහ ලෝක මලල ක්‍රීඩාපිටියේ තරුවක්ව සිටි ජිම් හයින්ස් මෙසේ මිය යන විට 76 වැනි වියේ පසු වූයේය.

1968 ඔලිම්පික් මීටර් 100 තරගයේ ජයග්‍රාහකයා ද ජිම් ය. මීටර් 100 ඉසව්ව පළමුවරට තත්පර 10 ට අඩුවෙන් ධාවනයේ යෙදුණු ලොව පළමු අවස්ථාව 1968 වසරේදී ඔහු වාර්තා කළ අතර ඇමෙරිකා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 9.8 කින් ඔහු එම දස්කම දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment