තබ්බෝව සුද්ද කළ තිදෙනෙක් වනජීවියට කොටුවෙති

155

තබ්බෝව අභය භුමියට නීති විරෝධිව ඇතුල් වී යන්ත‍්‍රසූත‍්‍ර යොදා ගනිමින් පළු, වීර ඇතුළු වසර සිය ගණනක් පැරණි ගස් කපා දමමින් අක්කර දෙකකට ආසන්න භුමි ප‍්‍රදේශයක් විනාශ කළ සැකකරුවන් තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කරුවගස්වැව පහල පුලියන්කුලම පදිංචි සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් සමග අභය භුමිය විනාශ කිරීමට යොදා ගත් කැටපිලර් යන්ත‍්‍රයක්ද වනජිවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවි නිලධාරින්ට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකරන අවස්ථාවේදී කැටපිලර් යන්ත‍්‍රය යොදා

ගනිමින් වනය එළිපෙහෙලි කරමින් සිටි ඇත.

මෙම සැකකරුවන් අභය භුමියේ විනාශ කළ ප‍්‍රදේශයට ඔප්පු ඇති බවට ප‍්‍රදේශවාසීන්ට හ`ගවමින් මෙම වන විනාශය සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වනසත්ව වෘක්ෂලතා ආඥා පනතේ විවි විධාන යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව කරුවලගස්වැව අඩවි වනජීවි නිලධාරි කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර කේ.ඒ. උපාලි රණසිංහ මහතා පවසයි.

එම සැකකරුවන් තිදෙනා 16 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වැටලීම ස`දහා කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ වන සත්ව නියාමකවරුන් වන ඩබ්ලියු.එම්.ජේ.ස`දනුවන් ,එච්.ඒ.අයි.ආර්.හෙට්ටිආරච්චි, පී.එන්.ඞී.කරුණාරත්න යන නිලධාරින් එක්ව සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment