තමන්ගේ හීන වෙනුවෙන් තනියම සටන් කරන්න

325

හීන කියන්නේ අපේ ජීවිතේ එක් කොටසක් වගෙයිං මේ ගෙවන ජීවිතේ ඔබටල මටල අපි හැමෝටම හීනයක් තිබේං ඒ හීන වෙනුවෙන් අපි අපමණ දුක් වි`දින්නට ඇතිං සමහර විට මේ මොහොතේත් ඔබ ඒ ගැන කලකිරීමෙන් වෙන්නට පුළුවන්ං එහෙත් මතක තබාගන්න ඔබේ හදවතේ තිබෙන ඒ හීනය දිනක සැබෑ වෙනවාමයිං නමුත් ඔබ දන්නවා ඇති එය එතරම්ම පහසු නැති බවං ඔව්ං ඇත්තටම එය අපහසු කර්තව්‍යයක්ං මොකද ඔබේ ජීවිතය වෙනස් කරන එක අමාරුයිං ඔබේ හීනයට ගමන් කරන මෙහෙයුමේදී ඔබට ගොඩක් දේ නැති විය හැකියිං ඔබ පැරදිය හැකියිං ඔබට ලොකු වේදනා වි`දින්නට සිදු වේවිං ඔබට ඔබ ගැන තිබෙන විශ්වාසය නැති වේවිං සමහර විට ඔබට සිතෙන්නට පුළුවන් ඇයි දෙවියනේ මට ම මෙහෙම වෙන්නේ කියලාං මම උත්සාහ කරන්නේ මගේ දරුවන්ව බලාගන්නනේං මගේ දෙමව්පියන්ව බලාගන්නනේං මම හීනෙකින්වත් හොරකමක් කළේ නෑනේං එහෙම නම් කොහොමද මටම මෙහෙම වෙන්නේ කියලා ඔබ ඔබෙන්ම ප‍්‍රශ්න කරන්නට පුළුවන්ං ඒ වගේ අමාරු අවස්ථා පහුකරන ඔබ අවසානය තෙක් ඔබේ හීනය වෙනුවෙන් සටන් කළ යුතුමයිං මේ මොහොතේ ඔබ ඇවිදගෙන යන්නේ අපායක් මැද්දෙන් වුවත් ඔබ දිගටම ඇවිද යා යුතුයිං මේ ලෝකේ හැම කෙනකුටම ජීවිතේ අමාරු දවස් එනවාමයිං ඒවා පැමිණෙන්නේ නවතින්න නොවේං ඔබව පසු කර යන්නයිං

 ඇත්තටම දක්ෂයෙක් වෙන එක පුදුමාකාර දෙයක් නොවේං එය අප සියලූ දෙනා ළ`ගම තිබෙන දෙයකිං වැදගත්ම දේ වන්නේ ඔබ ඔබව විශ්වාස කරන්නට පටන් ගැනීමයිං ගොඩක් මිනිස්සු විවාහ වෙයිං එදිනෙදා ජීවිතේ ගෙවා ගන්නට කීයක් හෝ සොයාගනියිං අවසානයට මියයයිං තමන්වම උනන්දු කරන එක නවත්වයිං ගොඩක් මිනිස්සු තමන්ගේ තත්ත්වය ගැන චෝදනා කරමින් සිටියිං නමුත් තමන්ගේ ඒ තත්ත්වය වෙනස් කරන්නට උනන්දුවක් නොදක්වයිං ඒ වගේම ගොඩක් අය තම හීනය වෙනුවෙන් වැඩ නොකරයිං එයට හේතු දෙකකිං පළමුවැන්න නම් පැරදීමට ඇති බියයිං කරන දෙය හරි නොගියෝතින් මොනවා වෙයි දැයි සිතයිං දෙවැන්න නම් සාර්ථක වීමට ඇති බියයිං කරන දෙය හරි ගියෝතින් තමාට එය නිසියාකාරව පාලනය කරගැනීමට පුළුවන් වෙයි දැයි සිතයිං එවන් සිතුවිලිවලින් ඔබ මිදිය යුතුයිං දැන් ඔබ පටන්ගත යුතු කාලයයිං

 ඔබ බොහෝ මිනිසුන් සමග කාලය ගත කරයිං ඔබ මිනිසුන්ව ඔබට කැමති කරවා ගන්නට විශාල කාලයක් වියදම් කරයිං ඔබ ඔබව දන්න ප‍්‍රමාණයට වඩා ඔබ අනෙක් මිනිස්සුන්ව දනියිං ඔබ මිනිස්සුන්ව අධ්‍යයනය කරයිං ඒ තුළින් ඔබ ඔවුන් ගැන දැනගනියිං ඔබට දැන් ඒ මිනිසුන් වගේ සිටින්නට අවශ්‍ය වේං එයට හේතුව ඔබ කාලය ආයෝජනය කළේ අනෙක් මිනිසුන් ළ`ගයිං එහෙත් මේ වනතුරු ඔබ කවුදැයි ඔබ දන්නේ නැතං එනිසා කළ යුත්තේ ඔබ ඔබත් සමග කාලය ගත කිරීමයිං එය අත්‍යවශ්‍ය වේං ඔබේ පරාජයන් ඔබේ ජීවිතයෙන් එළියට ඇද දමන්නට හැකි වන්නේ එයින් පමණකිං ඔබට ඔබේ හීනවලට යා හැකි වන්නේං එවිටයිං ඔබ ඔබේ හීනවලට අඩිය තබන්නේ ඔබට චෝදනා කර ගැනීම නවත්වන දවසටයිං එනිසා මට බැහැල මට මහන්සියිල මම දුර්වලයි යනුවෙන් ඔබ ඔබටම චෝදනා කර ගැනීම අදම නවත්වන්නං ඒ වගේම චෝදනා කරන

 මිනිසුන්ගෙන් ඈත් වන්නං චෝදනා නොකරන මිනිස්සු ළ`ග ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු ඇත්තා සේම චෝදනා කරන මිනිස්සු ළ`ග ඕනෑම පිළිතුරකට ප‍්‍රශ්නයක් තිබේං තම හීන පසුපස දුවන මිනිස්සුන්ගේ ජීවිතය හරි වෙනස් යං හරියටම ඔබේ අරමුණ ඔබේ ඔලූවට වැටුණු දවසට ඔබ මුලින්ම කරනුයේ අනෙක් මිනිස්සුන්ගෙන් ඇත් වීමයිං එතැන් පටන් ඔබේ ජීවිතයට යම් කිසි ආවේණිකත්වයක් එකතු වෙන්නට පටන් ගනියිං නමුත් හැමෝම ඔබේ උත්සාහය නොදකීවිං හැමෝටම ඔබට වගේ අරමුණක් නොතිබේවිං එය ඔබ මතක තබා ගැනීම අනිවාර්යයිං මොකද ඔබ අසාමාන්‍යයයිං ඔබ වෙනස්ම සතෙකිං

 ඔබේ ගමනට තවත් කෙනෙක් එකතු කර ගැනීමට සිතනවා නම් ඔබ තරම්ම උනන්දුව ඇති ඔබ තරමටම සාර්ථකත්වයට බඩගින්නක් ඇති කෙනෙක් එකතු කර ගන්නං හීන ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නං හීන සැබෑ කරගත්තේ හීන අත්හැරපු මිනිස්සු නොවේං හීන ඇතුලේ ජීවත් වුණු මිනිස්සුයිං ඔබට කවදාවත් තිබිලා නැති දෙයක් ලබා ගන්නට නම් ඔබ කවදාවත් කරලා නැති දෙයක් කරන්නට වෙන බව මතක තබාගන්නං කොයිතරම් වැටුණත් ඔබ නැ`ගිටිය යුතුයිං මොකද තව කෙනකුට ඔබ වෙනුවෙන් ඒ දේ කරන්නට හැකියාවක් නොමැති නිසාවෙන්ං

 ඔබ ඔබ වෙනුවෙන් ඔබේ වේදනා දරා ගත යුතුයිං ඔබට අද රිදෙන තරමට ම හෙට ඔබට ලැබේවිං මේ ලොකේ ඉපදිලා සිටින කිසිවකුට අමුතුවෙන් නැති වීමට දෙයක් නොමැතියිං එනිසා නැතිවෙන්නට දෙයක් නැතැයි සිතා ඇති වෙන්න වැඩ කරන්නං දේවල් අත්හරින්න තිබෙන බය නැති කර ගන්නං ඔබේ කාලය අනෙක් මිනිස්සුන්ගේ ජීවිත තුළ ආයෝජනය නොකර අද පටන් ඔබ ඔබේ හීන ඔබේ මනසේ ආයෝජනය කරන්නං එවිට ඔබට අවශ්‍ය සියල්ල ඔබට ලැබේවිං ඉවසන්නං ජීවිතය කියන්නේ චක‍්‍රයකිං අද ඔබ ගෙවන්නේ නරක කාලයක් නම් හෙට ඔබේ හොඳම කාලය එනවාමයිං කිසිම දෙයක් ස්ථිර නැත්නම් වේදනාවත් ස්ථිර නොවන බව මතක තබාගන්නං නැ`ගිටින්නං මේ මොහොතේ පටන් ඔබේ හීන වෙනුවෙන් වැඩ කරන්නං

 ඉෂාරා නදී
 කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment