තම්බපණ්නි ඇරඹුණා

623

ඒ දිනය ලංකාවේ තීරණාත්මක දවසකි. තීරණාත්මක බවට පිළිබිඹුවෙන රතිඤ්ඥා හඬ රැව් පිළි රැව් දෙමින් තිරයේ දිගහැරෙන දර්ශනය තිබෙන්නේ අනාගතයේ දිනක ඔබ දකින ‘තම්බපණ්නි’ සිනමා පටයෙනි. සජීව කනකරත්න නිෂ්පාදනය කර නිර්මාණ අධ්‍යක්‍ෂණය කරන තම්බපණ්නි සිනමාපටය මෙරට දේශපාලන යථාර්ථය චිත‍්‍රණය කරන නවමු නිර්මාණ රැුසකි. පසුගිය 26 වැනිදා සිට රූගත කිරීම් ඇරඹි තම්බපණ්නි තිර රචනා කර තිබෙන මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කලණ ගුණසේකර විසිනි.

තම්බපණ්නි ඇරඹුණා

ලංකාවේ දේශපාලන නායකත්වය තීරණය කරන්නේ ඇඞ්වටයිසින් ෆර්ම්. ඇඞ්වර්ටයිසින් ෆර්ම්වල ටැග් ලයින් තමයි නායකයන් තෝරන්නෙ. ඒ වගේ නායකත්වය තීරණය කරන කතාන්දරයකට අපි ආදරය සහ

ලිංගික ඊර්ශ්‍යාව කියන දේවල් තියෙන කතාවක් එකතු කරලා තමයි තම්බපණ්නි ලියැවෙන්නෙ. තම්බපණ්නි චිත‍්‍රපටයේ හරය කලණ විසින් කැටි කර දක්වන අයුරුය ඒ.

සමනලි ෆොන්සේකා සමග කලණ ගුණසේකර ප‍්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන මෙම චිත‍්‍රපටයේ කෝරලගේ සමන්, නදීෂා මධුශානි , ඩබ්ලිව්. ජයසිරි, විශාඛා ජයවීර ඇතුළු තවත් නළු නිළියන් රැුසක් චරිත නිරූපණයේ යෙදෙති.

advertistmentadvertistment
advertistmentadvertistment