තමිල්නාඩුවට එල්ල කිරීමට ගිය අයිසිස් ප‍්‍රහාරයක් බුද්ධි අංශ ව්‍යර්ථ කරයි

398

මෙරට පාස්කු ප‍්‍රහාරයට සමානව තමිල්නාඩුවේද අයිසිස් ප‍්‍රහාරයක් එල්ල කිරීමට දියත් කළ සැලසුමක් ඉන්දීය බුද්ධි අංශ විසින් ව්‍යර්ථකර ඇත.

මෘදුකාංග ඉංජිනේරුවකු වූ මරාමි මරික්කාර් සහ අයිසිස් ක‍්‍රියාකාරි ගැජා නැමැත්තන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සැලසුම හෙළිවී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයට ද ගල්කිස්සේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් අයිසිස් ක‍්‍රියාකාරීන් දෙදෙනා ද සිරියාවට ගොස් අයිසිස් සංවිධානයේ සාමාජිකයන් හමුවී රහස් සාකච්ඡුා පවත්වා තිබේ.

ඔවුන්ට අමතරව තමිල්නාඩුවේ දී තවත් අයිසිස් ක‍්‍රියාකාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment