තමිල්නාඩුවෙන් යාපනයේ  ධීවර ජනතාවට භූමිතෙල්

197

පරිත්‍යාගයක් වශයෙන් තමිල්නාඩුවෙන් යාපනයේ ධීවර ජනතාව වෙත ලබාදුන් භූමිතෙල් ලීටර් 15000 කින් පළමු කොටස 28 දා යාපනය කයිස්ට්ස් ප්‍රදේශයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා සහ යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා විසින් බාර ගන්නා ලදී.

යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රකේෂ් නට්රාජ් ජෙයබාලසිංහම් මහතා විසින් එම භූමිතෙල් තොගය නිල වශයෙන් අමාත්‍යවරයාට හා දිසාපතිවරයාට බාර දෙන ලදී.

මෙම භූමිතෙල් තොගයෙන් මුලින්ම භූමිතෙල් යාපනයේ එලුවතීව් හා අනලතීව් යන දූපත් පළාත් වල ධීවර පවුල් 232 ක් වෙත ලීටර් 20 බැගින් සංකේතාත්මකව ලබා දීමට පියවර ගෙන ඇති අතර භූමිතෙල් බාර ගැනීම සඳහා යාපනයේ ධීවර සමීතිවල නායකයින් පිරිසක්ද කයිට්ස් ප්‍රදේශයට පැමිණ සිටියහ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment