තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් මරුට

309


තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ දයාලන්, ජෝන් සහ චාල්ස් නමැති තරුණයින් තිදෙනෙකි.

ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහිදී බරපතළ තුවාල ලැබූ තරුණයින් තිදෙනා රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඔවුන් තමිල්නාඩුවේ ගුම්මිඩිපූන්ඩි හි සරණාගත කඳවුරක රඳවා සිටියදී සුළු රැකියාවල නිරතව සිට ඇති බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment