තමිල්නාඩුවේ කොයිම්බතුර්හි බෝම්බ පිපිරීමෙන් මියගියේ අයිසීස් නායකයකු බව හෙළිවෙයි

380

තවත් අන්තවාදීහු පස්දෙනෙක් අත්අඩංගුවට

තමිල්නාඩුවේ කොයිම්බතුර්හි බෝම්බ පිපිරීමෙන් මියගිය ජමිෂ් මුබින් නමැති ඉස්ලාමීය අන්තවාදියා මහා විනාශයක් සිදුකිරීමට සැලසුම් කර සිටි බව පොලිසිය සොයාගෙන ඇත. ඔහුගේ නිවස පරීක්‍ෂා කළ පොලිසිය කිලෝ 75ක පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

එල්. පී, ගෑස් සිලින්ඩරයකට පිරවූ පුපුරණ ද්‍රව්‍ය සමග ඔහු මෝටර් රියකට ගොඩවන අවස්ථාවේ එය පිපිරී ගොස් තිබේ. සිරියාවේ අයිසීස් සංවිධානය සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ මුබින්ගෙන් 2019 දී පොලිසිය ප්‍රශ්න කර මුදාහැර තිබේ. කොයිම්බර්තුර්හි මුස්ලිම් ජනතාව විශාල ලෙස ජීවත් වන අතර එහි පිහිටි ඊශ්වරන් කෝවිලට නුදුරුව තිබූ මෝටර් රියක දී බෝම්බය පුපුරා ගොස් ඇත.

තමිල්නාඩු පොලිසිය පැවසුවේ මුබින්ට ඉලක්කය වැරදී ඇති බවය. මෙම බෝම්බ පිපිරීමේ සිද්ධිය ගැන තවත් ඉස්ලාමීය අන්තවාදීන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. බෝම්බ පිපිරීමට පෙර මුබින්ව අල්ලා ගැනීම සඳහා පොලිසිය විමර්ශන අරඹා ඇතත් අසුවී නැත. තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂය පැවසුවේ තමිල්නාඩු ඩී. එම්. කේ. පක්‍ෂය මෙම බෝම්බ පිපිරීම ගැන තොරතුරු වසන් කරන බවයි. මේ නිසා මේ පිළිබඳ විමර්ශන කටයුතු ඉන්දීය බුද්ධි සේවාවට ලබාදීමට අදහස් කර ඇතැයි ඉන්දීය රජය කියා සිටී. මෙයට පෙර 1996 දී කොයිම්බතුර්හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් 56ක් මියගොස් 200 කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ. මුබින් පුපුරණ ද්‍රව්‍ය අඩංගු ගෑස් සිලින්ඩරය ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත්තේ වෙනත් ස්ථානයකදී එය පුපුරුවා මහා විනාශයක් සිදුකිරීමට බව අත්අඩංගුවට ගත්

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. ඔහුගේ නිවසේ තිබී රසායනික ද්‍රව්‍ය

රැසක් ද හමුවී තිබේ. මේ අතර තමිල්නාඩු පොලිස් ප්‍රධානියා පැවසුවේ මුබින්ගේ ප්‍රධාන ඉලක්කය හෙළිවී නැති බවයි. මේ වනවිට ඔහුගේ ශ්‍රී ලාංකික සගයන් කවුදැයි හෙළිවී ඇත. මෙම බෝම්බ පිපිරීමත් සමගම තමිල්නාඩුව දැඩි කැළඹීමකට ලක්වී තිබේ. තමිල්නාඩුව තුළ අයිසීස් ක්‍රියාකාරීන් සිටින බව ඉන්දීය රජයට හෙළිවී ඇත.

කොයිම්බවුර් පිපිරීම ගැන පොලිස් කණ්ඩායම් 6ක් පරීක්‍ෂණ පවත්වන බව වාර්තාවේ. එලෙස් මුබින් පසුබිමේ සිටි මොහමඩ් අසරුදින් නමැති කොයිම්බවුර් අයිසීස් නියෝජිතයා අත්අඩංගුවට ගනු ලැබ කේරල සිර ගෙදර සිටි බව හෙළිවී ඇත.

මේ අතර තමිල්නාඩු පොලිස්පති එස්. බාබු පැවසවේ මුබින් අත්අඩංගුවට ගැනීම සඳහා පිපිරීමට පැය 12 කට පෙර පොලිසිය ඔහු පසුපස හඹා ගිය බවයි.

මුබින් තමා සතු මරුති රිය ඊශ්වරන් කෝවිල අසල නවත්වා ගෑස් සිල්න්ඩය ගෙන ඒමට ගොස් තිබේ. ඔහු එම සිලින්ඩර් රථයට පැටවීමට උත්සාහ කළ විට පිපිරීම සිදුවූ බව කෝවිල අසල පිහිටි වෙළෙඳසැලක හිමිකරු දැක ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment