තමිල්නාඩුවේ පිපිරීම් සහරාන්ටත් ගෑවිලා

209

පසුගිය ඔක්තෝබර් මාසයේ තමිල්නාඩුවේ කොයිම්බතූර් හි සිදුවූ පිපිරීම ගැන පරීක්ෂණ පවත්වන ඉන්දීය බලධාරින් දකුණු ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදී කොටස් ප්‍රධාන වශයෙන් ආදර්ශ ලබාගෙන ඇත්තේ සහරාන් හෂීම්ගෙන් බව තහවුරු කරගෙන ඇත.

තමිල්නාඩුවේ මුස්ලිම්වරුන් අන්තවාදයට යොමු කිරීම වෙනුවෙන් සහරාන් හෂීම් විශාල කාර්යභාරයක් සිදු කර තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරළයේ අධිකරණ රැසක් වෙත ඉදිරිපත් කළ වාර්තාවක් අනුව මෙය තහවුරු වී තිබේ.

කොයිම්බතූර් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගවේ සිටින අසුරුඩීන් නමැත්තා 2016 සිට අන්තර්ජාලය හරහා සහරාන්ගේ දේශන ඇසීමට පුරුදු වූ පුද්ගලයෙකි.

සහරාන් හෂීම් 2012 දී ඉන්දියාවට ගොස් ඇති අතර තමිල්නාඩු පොලිස් නිලධාරි විල්සන්ගේ ඝාතනයට මොහුගේ නමත් ඈදී තිබිණි. මෙය අයිසිස් සංවිධානය විසින් සිදු කර තිබේ. සහරාන් හෂීම් තමිල්නාඩු අන්තවාදී තරුණයන්ට උපදෙස් දී ඇත්තේ හින්දු නායකයන්ට ප්‍රහාර එල්ල කරන ලෙසයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment