තමිල්නාඩුවේ සිට මන්නාරමට ගෙනා කේරළ ගංජා කිලෝ 500 මුහුදට දමා ජාවාරම්කරුවෝ පලා යති

83

තමිල්නාඩුවේ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් 1 දා මුහුදට වීසි කොට පලා ගොස් තිබේ.

එම කේරළ ගංජා ප්‍රමාණයෙන් කිලෝ ග්‍රෑම් 199 ක් ඉන්දීය වෙරළාරක්ෂක භටයින් ධනුෂ්කොඩි ආසන්නයේ පිහිටි තුන්වන වැලි තටාකයේ මුර සංචාරයේ යෙදී සිටියදී සොයා ගෙන තිබේ.

කේරළ ගංජා ප්‍රමාණය බහා ලූ විශාල පෙට්ටියක කොටසක්ද මුහුදේ පාවී වෙරළට ගොඩ ගසා තිබූ අතර එහි සඳහන් තොරතුරුවලට අනුව එහි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 500 ක් පමණ තිබී ඇති බව වෙරළාරක්ෂක නිලධාරීන් සනාථ කරගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගයෙන් තවත් කොටසක් ඉන්දීය ධීවරයින්ගේ දැලකට හසු වී තිබුණු බවටද තොරතුරු ලැබී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment